Loading...
Virus සහ Worm ගැන දැනගමු

Virus සහ Worm malware forms ගැන කලින් දැනගෙන ඉදියද protect  වෙන්න. මේ දෙකේ වෙනස්කම් සහ effect  වෙන්නෙ කොහොමද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. Malware එකක්  කියන්නෙ computer system එක infect හෝ අහිතකර බලපෑම් ඇති කරන සියලුම වර්ගයේ software වලට. Worm කියන්නෙත් virus type එකක් නමුත් standard virus එහෙකට වඩා behaviour එක වෙනස්.

Virus

අපි මුලින්ම බලමු වයිරස් එහෙකට කරන්න බැරි දේවල් සහර කරන්න පුළුවන් දේවල් ගැන.

මේක Run වෙන්නෙ Link,Email හෝ malicious application  වලින්. පරිගණකයක ප්‍රදාන ක්‍රියා කාරීත්වයට ප්‍රවේශ වීමට හා හැසිරවීමට හැකි වීම. අපේ Data කලෙක්ට් කරලා Hacker අතට යවන්න පුළුවන් වීම. මේ වගේ දේවල් Virus එහෙකට කරන්න පුළුවන් අතර අපේ ක්‍රියාවක් නැතුව පරිගණකය infect  කරන්නත්, Automatically network එකක් හරහා Computer එක infect  කරන්න මේකට බෑ.

Worm එහෙකට සහ Virus එහෙක මූලික වෙනස තමා කොහොමද Software replicate වෙන්නෙ කියනෙකයි additional computers වලට. Computer Virus එකක් කියන්නෙ අපි Download  කරන්න ඕන Application එකක්  හරි Host computer එකට transfer වෙලා හරි තියෙන්න ඕනේ infect  වෙන්න.

Virus වල common sources බැලුවොත්

  1. Email attachment එකක් click කරලා download කරලා open කරහම.
  2. Malicious web pages වලින් files download කරලා run කිරීම හෝ FTP links.
  3. අදුරන්නැති කෙනෙක්ගෙන් ආපූ file එකක් run කිරීම මගින්
  4. Malicious social media adds දැකලා host file එක Download  කිරීම

මේ සියලුම sources බැලුවහම තේරෙනවා virus එකක් effect වෙන්නෙ file එකක් ඕපන් කරහම.මේ හේතුව නිසා standard virus එකක් භයානක කමින් අඩුයි Worm එහෙකට වඩා.

Worm

Worm එහෙකට automatically computer network එකක් හරහා ස්ප්‍රෙඩ් වෙන්න , malicious codes run කරලා computer එක modify කරන්නත් , Hacker කෙනෙක්ට information  යවන්නත් පුළුවන් infected computer එහෙකට නමුත්  well-configured firewall එකක් හරහා , network connection එකක් නැතුව spread  වෙන්න වගේ දේවල් මේකට කරන්න බෑ. මේක ගොඩක් Dangerous  වෙන්නෙ මේකට user ගෙ කිසිම ඇක්ශන් ඔනේ වෙන්නෙ නෑ system එකක් infect කරන්න.

Worm එක network එකක් හරහා computer එක access කරන Application  එකක්. Common methods කිහියපයක් තියෙනවා Worms Computers infect කරන. Infected computers තියෙන network එහෙකට කනෙක්ට් වීම minimum security තියෙන computer  එහෙකින්. Drive එකක් හෝ folder එකක් network එකට හෝ internet එකට security permissions නැතුව ශෙයාර් කිරීම. හරියට latest security patches update කරලා නැති කම්පියුටර් එහෙකින් ඕනෑම network එහෙකට කනෙක්ට් වීම වගේ දේවල් හින්දා Worm infection එකක් වෙන්න පුළුවන්. Worm එකක් සාමාන්‍යයෙන්  Advantage  එකක් ගන්නෙ network  එහෙක තියෙන outdated operating systems  පාවිච්චි කරන computers  වලින්,

Worm infection එහෙක source එක වෙන්නෙ internet හෝ network එකේ තියෙන අනිත් computers. Worms නිරන්තරයෙන්ම network එකට connect වෙලා තියෙන devices  scan කරනවා vulnerable systems identify  කරන්න. පස්සෙ මේක system එක invade කරනවා.මුලින්ම Drive folder එක access කරනවා security අඩු ඊටපස්සෙ backdoor code එකක් install කරනවා normally මේක install කරන්නෙ system folder එකේ user ට locate  කරගන්න අමාරු වෙන්න. සේරටම පස්සෙ Backdoor code එක worm code එකේ ඉතුරු ටික Download කරලා code එක execute කරනවා system එකේ.

Computer worm එකක් සමහර වෙලාවට user ට නොදැනෙන්න background එකේ run වෙනවා user ට දැනෙන්නවත් නැති වෙන්න ඒ computers වලට කියන්නෙ bots කියලා.

කොහොම උනත් මේ Worms සහ Virus දෙකම භයානක මොකද අපේ computer performance එකට, අපිව spy කරන්න යොදා ගන්නත් පුළුවන් Webcam එක හරහා. තව අපේ මුළු computer එකේ system files destroy කරලා computer එක පාවිච්චි කරන්න බැරි කරන්න පුළුවන්.ඒ හින්දා දෙකෙන් එකක්වත්  computer එකට ඇතුලු නොවෙන්න වග බලාගන්න user දැනගන්න ඕනේ.