Loading...
නිකුත් වීමට නියමිත iPhone 18 Series එකෙහි දැකිය හැකි වෙනස්කම් මොනවාද?

Apple සමාගම iPhone 18 Pro හරහා Selfie සහ Video Calling තු​ළ විශාල පෙරළියක් කිරීමට සූදානම් වන බවට නවතම තොරතුරු වාර්තා වේ. පසුගිය වසරේ අවසාන භාගයේ සිටම iPhone 18 මාදිලි මාලාව පිළිබඳ විවිධ අනාවැකි පළ වුවද, දැන් ලැබෙන තොරතුරුවලට අනුව Apple සමාගම සිය උසස්ම Upgrades ප්‍රධාන වශයෙන් 'Pro' මාදිලි සඳහා පමණක් සීමා කිරීමට තීරණය කර ඇති බව පෙනී යයි.


24MP Selfie Camera​ එ​ක

ප්‍රකට තාක්ෂණික පුවත් අනාවරණය කරන්නෙකු වන Whylab විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථන සඳහා 24MP Selfie කැමරාවක් ඇතුළත් කිරීමට නියමිතය.

මෙම නවතම 24MP Sensor එ​ක මඟින් පරිශීලකයින්ට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් පවතී,

  • High Detail Selfies
  • FaceTime සහ අනෙකුත් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේදී 4K මට්ටමේ ඉතා පැහැදිලි රූපරාමු අත්දැකීමක් ලබා දීම.
  • Improved Low-light performance

කුඩා වන Dynamic Island සහ සැඟවෙන Face ID

iPhone 14 Pro සමඟින් හඳුන්වා දුන් 'Dynamic Island' විශේෂාංගය iPhone 18 Pro මාදිලියේදී සැලකිය යුතු වෙනසකට භාජනය වනු ඇති බව වාර්තා වේ. ලැබෙන තොරතුරුවලට අනුව, Apple සමාගම සිය Face ID​හි ඇතැම් Components Under-display යෙදීම​ට සමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් දුරකථනයේ ඉදිරිපස තිරය මත දිස්වන Dynamic Island එකෙහි ප්‍රමාණය 35%කින් පමණ කුඩා වනු ඇතැයි ගණන් බලා ඇත. මෙය පරිශීලකයාට වැඩි Screen Space එකක් ලබා දෙන ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

iPhone 18 Pro හි අනෙකුත් ප්‍රධාන විශේෂාංග

කැමරා පද්ධතියේ වෙනස්කම්වලට අමතරව, iPhone 18 Pro මාදිලියේ තවත් සුවිශේෂී තාක්ෂණික දියුණු කිරීම් කිහිපයක් අපේක්ෂා කෙරේ:

  1. A20 Pro Chipset එක: මෙය ලොව ප්‍රථම 2nm Processor එ​ක වනු ඇති අතර, එමඟින් ඉතා වේගවත් ක්‍රියාකාරිත්වයක් මෙන්ම බැටරි බලය ඉතා කාර්යක්ෂමව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
  2. Variable Aperture: ප්‍රධාන පසුපස කැමරාව සඳහා පළමු වරට Variable Aperture තාක්ෂණය හඳුන්වා දෙනු ඇතැයි පැවසේ. මෙහිදී ඡායාරූප ශිල්පීන්ට වෘත්තීය මට්ටමේ කැමරාවල මෙන් ආලෝකය පාලනය කිරීමේ හැකියාව හිමි වේ.
  3. වැඩි දියුණු කළ බැටරි ධාරිතාව: iPhone 18 Pro Max මාදිලිය සඳහා 5,200mAh වැනි විශාල බැටරියක් ඇතුළත් වනු ඇතැයි සැලකේ.

එළිදැක්වීම සහ iPhone Fold හි ආගමනය

සාමාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින් Apple සමාගම මෙම නවතම iPhone 18 Pro සහ Pro Max මාදිලි එළඹෙන සැප්තැම්බර් මාසයේදී ලොවට හඳුන්වා දීමට සූදානම් වේ. මෙම වසරේ විශේෂත්වය වන්නේ iPhone 18 Pro මාදිලි සමඟින් Apple සමාගමේ ප්‍රථම Foldable iPhone වන iPhone Fold ද ප්‍රදර්ශනය කිරීමට ඉඩ තිබීමයි.

නමුත් මෑතකාලීන වාර්තා පවසන්නේ Apple සමාගම සිය වෙළඳපොළ උපාය මාර්ගය වෙනස් කරමින් සිටින බවයි. ඒ අනුව iPhone 18 Pro වැනි ඉහළ පෙළේ මාදිලි සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන අතර, සාමාන්‍ය iPhone 18 සහ අනෙකුත් අඩු මිල මාදිලි ලබන වසරේ මුල් භාගය දක්වා ප්‍රමාද වීමට ඉඩ පවතී.

Source: gsmarena.com