කැරට් කියපු ගමන් අපිට මතක් වෙන්නේ තැඹිලි පාට කැරට් අලයක් උනත් ඒ උනත් ,
ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දැකලා ඇති කැරට් 22 රත්තරං , කැරට් 24 රත්තරං වගේ වචන භාවිතයක්.
මොනාද මේ කියන රත්තරං කැරට් (Karat)?
මම මේ පැහැදිලි කරන්නේ රත්තරං වලදි භාවිතා කරන carat ගැන. මැණික් වලදිත් මේ කැරට් කියන එක පාවිච්චි කරනවා. හැබැයි සම්පූර්ණයෙන් ම වෙනස් විදියකට. රත්තරං වල තියන පිරිසිදු බව දක්වන ඒකකයක් තමයි මේ carat (k) කියලා කියන්නෙ. k අකුර පාවිච්චි කරනවා මේ ඒකකයට. 22k , 24k වගේ ලියන්නේ.
එතකොට රත්තරං ඇත්තටම පිරිසිදු නැද්ද ?🤔
උත්තරය තමයි, ඇත්තටම පිරිසුදු නෑ. රත්තරන් වල එක එක ලෝහ එක එක ප්‍රමාණයෙන් කලවම් වෙලා තියෙන්න පුලුවන්. සමහර වෙලාවට තඹ, රිදී, නිකල් වගේ ලෝහ එක්ක කලවම් වෙනවා. එතකොට 100% ක් ම රත්තරං නෙමෙයි තියෙන්නෙ.
මොනාද මේ කැරට් 22, 24?
- 24k gold : 99.9% ක් ම පිරිසිදු රත්තරං . මේවා තමයි තියන පිරිසිදුම රත්තරං වර්ගය. ඒත් මේවා ගොඩක් Soft. ඉක්මනින් කැඩිලා යන්න එහෙම පුලුවන්. ඒ නිසා ආභරණ හදන්න වැඩිය ගැලපෙන්නෙ නෑ.
- 22k gold: 91.6% ක් පිරිසිදු රත්තරං. මේවා නම් ගොඩක් ජනප්‍රියයි උසස් තත්වයේ ආභරණ හදන්න එහෙම . විශේෂයෙන්ම ආසියතික රටවල් වල තමා ගොඩක් ජනප්‍රිය
- 18k gold: 75% ක් පිරිසිදු රත්තරං . මේව ශක්තිමත් බවත් තියෙනව. රත්තරං ත් තියෙනව. ආභරණ හදන්නම තමයි ගන්නේ.
- 14k gold: 58.3% ක් පිරිසිදු රත්තරං.
- 10k gold: 41.7% ක් පිරිසිදු රත්තරං. සමහර රටවල් වල මේවත් පාවිච්චි කරනවා.
මේ කැරට් ගාන හොයා ගන්න සූත්‍රයක් තියෙනවා.
මේකෙන් ලේසියෙන්ම රත්තරන් වල පිරිසිදු බව හදා ගන්න පුලුවන් .
එතකොට මොනවද මේ පාට පාට රත්තරන්?
Rose gold, White gold වගේ නම් එහෙමත් අහල ඇති. ඒ තමයි අර රත්තරං එක්ක මිශ්‍ර වෙන අනිත් ලෝහ වර්ගයත් එක්ක එකතු වෙලා හැදෙන නව වර්ණයට කියන නමක්.
- Yellow Gold: රත්තරං වලට රිදී සහ තඹ මිශ්‍ර කරලා හදන්නේ. ස්වභාවික රත්තරං වලට සමානම පාටක් තියෙනවා.
- White Gold: රත්තරං වලට පැලේඩියම් (palladium) හෝ නිකල් එකතු කරලා හදන්නේ.
- Rose Gold: රත්තරං වලට ලොකු ප්‍රතිශතයක් තඹ එකතු කරලා හදන්නේ.
මේවගේ මිල ගනන් වෙනස් වෙන්නේ අර මම කලින් කියපු කැරට් ගාන අනුව.
ඔයා දැන් දන්නවානේ. කැරට් 24 වල 99.9% ක්ම රත්තරං කියල. එතකොට ඒවා තමයි ගනන් වැඩිම. රත්තරන් වල කැරට් ගාන අඩු වෙද්දින්, මිලත් අඩු වීගෙන යනවා.
මම හිතනවා රත්තරං Karat ගැන අවබෝධයක් ඇතියි කියලා.