Loading...
ලඟ ලඟ එ​න කළු සිකුරාදාව හෙවත් Black Friday කියන්නේ මොකක්ද, මොනවද වෙන්නේ?

Black Friday නැත්තම් කළු සිකුරාදා කියන්නේ මේ වෙද්දි ලෝකයේ ජනප්‍රියම shopping දවසක් බවට පත්වෙලා. එක්සත් ජනපදයෙන් ඇරඹුන මේ Black Friday shopping trend එක මේ වෙද්දි ලෝකය පුරාමත් පැතිරිලා අපේ මේ පුංචි ශ්‍රී ලංකාවටත් ඇවිල්ලා ඉවරයි. මේ කළු සිකුරාදාව ඉතාමත් ලාභදායි මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නුදුරේදීම මේ Black Friday shopping festival එක ලොව පුරාම ආරම්භ වීමට නියමිත නිසා අපි හිතුවා ඔයාලට මේ ගැන තොරතුරු රැසක් අරගෙන එන්න.

ඇත්තටම කවදද මේ Black Friday එක තියෙන්නේ?

හැම අවුරුද්දෙම ඇමරිකා එක්සත් ජනපදයෙ Thanksgiving උත්සවය සමරන නොවැම්බර් මාසyee 4 වැනි බ්‍රහස්පතින්දා දවසට පසුව එළඹෙන සිකුරාදා දිනය තමයිි Black Friday විදිහට සැලකෙන්නෙ. නත්තලට පෙර ඇමරිකානුවන්ට ලැබෙන අවසාන නිවාඩුව වන මේ කළු සිකුරාදාවෙන් පස්සේ තමයි නත්තල සඳහා වන සාප්පු සවාරි පටං ගන්නේ. මේ කළු සිකුරාදාව කොයි තරම් නම් ඇමරිකාව තුල සමරනවද කියනව නම් සමහර ප්‍රාන්ත වලට කළු සිකුරාදා දිනයට නිවාඩුවකුත් හම්බවෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් 25 වෙනි සිකුරාදාට තමයි Black Friday දිනය වැටිලා තියෙන්නේ.

අතීතයේ පැවති කළු සිකුරාදා දිනයක ඡායාරූපයක්

කොහොමද මේ නම වැටුනේ

මේ දිනය කළු සිකුරාදාව ලෙස නම් කෙරෙන්නේ ආරක්ෂක අංශ විසිනි. එයට හේතුව ලෙස සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වීමයි.

මේ ආකාරයට කලකෝලාහල සහ රණ්ඩු සරුවල් ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ, Thanksgiving දිනයට පසුව එළඹෙන සිකුරාදා දිනයත්, ඉන් පසුව තවත් සති අන්ත දින දෙකක නිවාඩුවක් ලැබෙන නිසාත් බොහෝ ඇමරිකානුවන් මෙම දිනයේදී පොරකමින් භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙන්නේ වසරේ අනෙකුත් දින වලට වඩා විශාල ප්‍රමාණයක මිල අඩු කිරීමකින් යුතුව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන නිසාය.

මීට අමතරව ඇමරිකාවේදී යම්කිසි වෙළඳ ආයතනයක ගිණුම් වාර්තාව Black ලෙස හැඳින්වෙන්නේ නම් එයින් අදහස් කරනුයේ එම වෙළඳ ආයතනය ලාභ ලබන බවයි. ඉතින් මෙම දිනය තුලදී වෙළඳ ආයතන වල විකුණුම් ආදායම් සහ ලාභය ඉතා ඉහල අගයක් වාර්තා කරන බැවින් මෙම සිකුරාදාව කළු සිකුරාදා ලෙස හැඳින්වෙනවාය යන්න සැලකෙනවා.

කළු සිකුරාදාවේදී මොකක්ද වෙන්නේ?

බ්‍රහස්පතින්දා පැවැත්වෙන Thanksgiving උත්සවයේ ආහාර පාන වලින් හොඳින් විනෝද වෙච්ච ඇමරිකානුවන් පසු දින එළබෙන සිකුරාදාවේ වෙනදාටත් වඩා හිතේ සතුටින් සාප්පු සවාරි යන දවසක් විදිහට මේ දිනය හඳුන්වන්න පුළුවන්. මෙදාට වෙනදාටත් වඩා කලින් වෙළඳසැල් විවෘත කරන අතර බොහොමයක් වෙළඳසැල් කළු සිකුරාදාව ආරම්භ වන මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කරන්නේ බොහෝ පිරිස් උත්සවය අවසාන කර ඒ සැනින් භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටින නිසාවෙනි.

කළු සිකුරාදාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙලඳ සැල් විවෘත කරන තුරු ඒවා ඉදිරියේ රැඳී සිටින ජනතාව

ඒ වගේම වෙනදාටත් වඩා වැඩි කාල සීමාවක් මෙදිනට වෙළඳසැල් විවෘතව තැබෙන අතර මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම වගේ විශාල වටම් ලබා දීමට වෙළඳුන් පෙළඹෙන්නේ ඉහත කී පරිදි ඔවුන්ගේ ලාභය වැඩි කරගැනීමට මේ දිනය භාවිතා කරන නිසාවෙනි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් නත්තල සහ එළඹෙන නව වර්ෂය සඳහා සාප්පු සවාරි යාම ආරම්භ කරන මුල්ම දවස වන්නේද කළු සිකුරාදාවයි. ඇත්තටම ආරම්භ කරන දවස ලෙස පැවසුවාට ඒ සාප්පු සවාරි සඳහා පාරිභෝගිකයන් පොළඹවා ගැනීම සඳහා වෙන් කෙරුනු දිනය තමයි මේ කළු සිකුරාදාව. මෙය ඇත්තටම අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙස පැවසුවොත් වඩාත් නිවැරදියි.

මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් ඇඟිලි ගනිමින් ඉන්නවා.

භාණ්ඩ මිලදී ගැනීමට පොරකන ජනතාව

ඇමරිකාවෙන් එපිටට ගිය Black Friday

මේ වන විට කළු සිකුරාදා සංකල්පය අමෙරිකාවෙන් එපිටට වර්ධනය වී ගොස් තිබෙනු දකින්නට ලැබෙන අතර විශාල රටවල් ප්‍රමාණයකට විහිදී ගොස් තිබෙනවා. ඒ සෑම රටකම පාහේ පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සමාගම් මේ සඳහා අධික මුදලක් දරා ප්‍රචාරණ කටයුතු මෙහෙය වන අතර බොහෝ වෙළඳ සැල් සිකුරාදා දින එළඹෙන මධ්‍යම රාත්‍රියේ දී ම පර්භෝගිකයන් සඳහා විවෘත වෙනවා. මේ වන විට

කළු සිකුරාදාව online shoppingද ආක්‍රමණය කර ඇති අතර Aliexpress, Banggood වැනි ප්‍රසිද්ධ ආයතන පවා ඉහත කී ආකාරයට විශාල මුදලක් වැය කරමින් ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ කළු සිකුරාධාවට මාසයක් දෙකක් කල් තබාය.

Black Friday black උන අවස්ථා

2008 වසරේ කළු සිකුරාදා දිනයේ ඇමෙරිකාවේ New York නගරයේ Walmart ශාඛාවට පැමිණෙන අතිවිශාල ගණනක් වූ පාරිභෝගිකයන්ගේ තෙරපීම හේතුවෙන් එහි වෙළඳ සේවකයෙකු මිය යනවා. තවත් පුද්ගලයන් මේ හේතුවෙන් තුවාල ලබන අතර, එහි පැවති තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට පවා සිදුවෙනවා.

2010 වසරේ කළු සිකුරාදා දිනයේ Wisconsin ප්‍රාන්තයේ වෙළඳ සැලකට ගොඩවැදුණු කාන්තාවක් එහි සේවකයන් සමග භාණ්ඩයකට හෙට්ටු කරන අනතුරුව ඔවුන්ට වෙඩි තබන බවට තර්ජනය කරනවා.

තව ද, එම වසරේ ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙළඳසැලකට කඩා වදින පිහි හා ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙනවා.

2011 වසරේ තමන්ට කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට අවකාශය නොලැබූ එක්තරා කාන්තාවක් එහි සිටි සියලු දෙනාට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ හේතුවෙන් 20කට අධික පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවෙනවා.

2012 වසරේ Florida ප්‍රාන්තයේ වාහන නවතා තැබීමේ ඉඩක් වෙනුවෙන් රණ්ඩු වෙන පුද්ගලයන් දෙදෙනක් වෙඩි තබා ගන්නවා.

2016 වසරේදී කළු සිකුරාදා දිනයේ ඇති වූ කෝලාහල නිසා එක් පුද්ගලයෙක් වෙඩි වැදී මරණයට පත්වෙන අතර, තවත් පිරිසක් තුවාල ලබනවා.

කළු සිකුරාදාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි අය විසින් රූපවාහිනී යන්ත්‍රයක් සඳහා රණ්ඩු සරුව කරගන්නා ආකාරය

ලංකාවට ආපු Black Friday

ලෝකය පුරා කළු සිකුරාදා දිනයේ දී ඇදහිය නොහැකි වට්ටම් පාරිභෝගිකයන්ට හිමිවෙන දිනයක් කියලා ඔබ දැන් දැනුවත් ඇති. මේ වන විට ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය වෙළඳ සමාගම් විසින් Black Friday දිනයේ දී විස්මිත වට්ටම් ලබා දීම ආරම්භ කරලා තියෙනවා.


මං හිතනවා කළු සිකුරාදාව ගැන ඔයා නොදන්න කරුණු ගොඩක් මේ ලිපියෙන් ඉගෙන ගන්න ඇති කියල.