Loading...
කැලිෆෝනියාවේ නොනිදන AI ආරක්ෂකයා

ලොව තුළ සිදුවන ස්වාභාවික විපත් අතරින් ලැව්ගිනි හට ගැනීම ප්‍රධාන ස්ථානයක් ලබාගන්නේ, ලොව විශාල ප්‍රදේශයන් ප්‍රමාණයක් මෙම විපත් හේතුවෙන් පීඩාකාරී තත්ත්වයකට පත්වන බැවිනි. මෙම දිනවලදී කැලිෆෝනියා ප්‍රාන්තය තුළ සිදුවන ලැව්ගිනි තත්ත්වයන් ලොව පුරා ප්‍රවෘත්ති වල ප්‍රධාන සිරස්තලයක් ලෙස දැකගත හැකිවේ. මේ හේතුවෙන් විශාල ජනතාවකට පීඩාකාරී වටපිටාවක් නිර්මාණය වී ඇත.

කෙසේ නමුත් මෙම ලැව්ගිනි වලින් සිදුවන හානි අවම කරගැනීම සහ ඒවා මැඩපැවැත්වීම සඳහා ඔවුන් විසින් භාවිතා කරනු ලබන AI යෙදවුම් මේ වන විට සාකච්ඡාවකට බඳුන්වී පවතී. මෙම ලිපිය ඔස්සේ පාඨක ඔබ සඳහා එම AI භාවිතයන් සිදුකරනු ලබන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවේ.


Source - independent.co.uk

ලැව්ගිනි සලකන විට එය විශේෂයෙන්ම කැලිෆෝනියාව වැනි ප්‍රදේශවල, නිවාස, එහි ප්‍රජාවන් සහ පරිසරයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන බවට අපට දක්නට ලැබෙන කරුණකි. දේශගුණික විපර්යාස හේතුවෙන් ලැව්ගිනි සිදුවන වාර ගණන සහ එහි තීව්‍රතාවය උග්‍ර වී ඇති අතර, උෂ්ණත්වය ඉහළ යාම සහ වියළි තත්වයන් මෙම විනාශකාරී සිදුවීම් සඳහා පරිපූර්ණ තත්වයන් නිර්මාණය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඒවායේ බලපෑම අවම කිරීම සඳහා නිරවද්‍ය සහ ඵලදායී ලැව්ගිනි හඳුනාගැනීමේ සහ අධීක්ෂණ පද්ධතිවල අවශ්‍යතාවයක් කලක පටන්ම ඇතිවී තිබුණි.

වාසනාවකට මෙන්, කෘත්‍රිම බුද්ධියේ (AI) මෑත කාලීන දියුණුව ලැව්ගිනි හඳුනා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට නව දොරටුවක් විවර කර ඇත. Machine Learning සහ Data analysis මගින් බල ගැන්වෙන AI algorithm, නිරවද්‍යව ලැව්ගිනි හඳුනා ගැනීමට චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යනයකට ලක් කිරීම, කාලගුණ රටා සහ පෙර පැවති ලැව්ගිනි දත්ත ඇතුළුව විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට යොදා ගැනේ.

සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වේගයෙන් සහ නිවැරදිව ලැව්ගිනි හඳුනාගැනීමේ හැකියාව මෙම තාක්‍ෂණය මඟින් ලබා දෙන අතර, වඩාත් වේගවත් ප්‍රතිචාර දැක්වීමක් සහ ජීවිත හා දේපළ සුරැකීමට ද හැකි වේ. චන්ද්‍රිකා ඡායාරූපවල ලැව්ගිනි හඟවන රටා හඳුනා ගැනීමට Machine Learning algorithm පුහුණු කරන ආකාරය, ලැව්ගිනි ඇතිවීමේ වැඩි අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමට පුරෝකථන විශ්ලේෂණයට (predictive analysis) ලක් කළ හැකි ආකාරය සහ එම තත්ත්වයන් වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීමට AI සහාය විය හැකි ආකාරය මෙහි අන්තර්ගත වේ.

ලැව්ගිනි හඳුනාගැනීම සහ දත්ත විෂ්ලේශණය

Machine Learning භාවිතයෙන් දත්ත විශ්ලේෂණය සහ ලැව්ගිනි නිරීක්ෂණය කිරීම සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වේගයෙන් සහ වඩාත් නිවැරදිව ලැව්ගිනි හඳුනා ගැනීමට භාවිතා කළ හැකි AI හි වැදගත්කමකි. ඒ සඳහා සිදුකරන්නාවූ ක්‍රියාවලීන් කිහිපයක් පහත දැක්වේ.

  • චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම:
    Machine Learning ඇල්ගොරිතම දුම් හෝ දැඩි තාපය ඇති ප්‍රදේශ වැනි ලැව්ගිනි පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූපවල රටා හඳුනා ගැනීමට පුහුණු කර ඇත. එසේම කාලීනව චන්ද්‍රිකා ඡායාරූප විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමෙන්, මෙම ඇල්ගොරිතමවලට මිනිසුන්ට වඩා ඉතා වේගයෙන් ලැව්ගිනි හඳුනා ගත හැකි අතර, එය වඩාත් වේගවත් ප්‍රතිචාරයකට ඉඩ සලසයි.
නාසා හි ටෙරා චන්ද්‍රිකාවේ ඇති Moderate Resolution Imaging Spectroradiometer උපකරණය 2020 අගෝස්තු 26 වන දින කැලිෆෝනියා ලැව්ගිනි පිළිබඳ මෙම දර්ශනය ග්‍රහණය කර ඇත. (space.com)
  • අසාමාන්‍ය ලෙස පිටවන තාප අධෝරක්ත දත්ත හඳුනාගැනීම:
    Descartes Labs වැනි භූගෝලීය බුද්ධි කණ්ඩායම් ලැව්ගිනි හඳුනාගැනීම සඳහා AI භාවිතා කරයි. ඔවුන්ගේ ඇල්ගොරිතම තාප අධෝරක්ත දත්තවල අසාමාන්‍යතා හඳුනා ගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරනු ලබයි. අසාමාන්‍යතා සොයාගතහොත්, ඒවා නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා ඇල්ගොරිතම මගින් පරීක්‍ෂා කරනු ලැබේ. ගින්නක් තහවුරු වූ පසු, යෙදවුම මගින් අදාල පාර්ශවයන් වෙත දැනුවත් කිරීම සිදුකරනු ලබයි.
  • ලැව්ගිනි ඇතිවීම පුරෝකථනය කිරීම:
    ලැව්ගිනි ඇතිවීමේ වැඩි අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමට පුරෝකථන විශ්ලේෂණය (Predictive Analysis) භාවිතා කරයි. අනාගතයේදී ලැව්ගිනි අත්විඳීමට බොහෝ දුරට ඉඩ ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා ලැව්ගිනි, කාලගුණික රටා සහ වෙනත් සාධක පිළිබඳ පෙර පැවති දත්ත විශ්ලේෂණය කිරීම මෙම පුරෝකථන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වේ. මෙම ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමෙන් ලැව්ගිනි අවදානම අවම කිරීමට නිලධාරීන්ට නිසි පියවර ගත හැකිය.
  • ඉවත් කිරීමේ ක්‍රියාවලි සඳහා සහය වීම:
    AI ඇල්ගොරිතමවලට ලැව්ගින්නක ව්‍යාප්ත වීමේ මාර්ගය පුරෝකථනය කිරීමට සහ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ හඳුනා ගැනීමට හැකිය. මෙම තොරතුරු ගින්නෙන් කල්තියා මානව ප්‍රජාවන් ඉවත් කිරීමට භාවිතා කළ හැකිය.
Source : Pano.AI

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: pano.ai roboticcats.com bosch.com optris.global space.com techcrunch.com Cover Image: pano.ai