Loading...
WhatsApp Channels විශේෂාංගය ලොව පුරා සියලුම පරිශීලකයන් වෙත නිකුත් කරයි

Telegramහි මෙන් WhatsApp Channel නම් විශේෂාංගයක් එළිදැක්වූ බවත් පසුව එය Beta පරිශීලකයන්ට නිකුත් කළ බවත් Android වැඩකාරයෝ අප සමඟ රැඳි සිටියානම් ඔබ දැනටමත් දන්නවා ඇති.

රටවල් කිහිපයකට පමණක් සීමා වූ මෙම WhatsApp Channels විශේෂාංගය මීට දින කිහිපයකට පෙර සිට ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සියල්ල සඳහා නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

මීට අදාල Update එක ඔබට Apple App Store හෝ Google Play Store වෙත පිවිස ලබා ගත හැකි වනවා.


මෙයත් සමඟ WhatsApp හි ඇති Navigation Bar එකද වෙනසක් සිදුවන අතර එහි Status Tab එක Update ලෙස Rename වී එහි මේ Channels වලට අදාළ පණිවිඩ Status වලින් වෙනම දිස්වනවා. තවද පෙර List එකක් ලෙසින් පෙන්වූ Status මෙයත් සමඟ Instagram හි Stories මෙන් Profile Pictures සමඟ Horizontally දිස්වනවා.

එයට පහළින් ඔබට Popular Channel කිහිපයක් Suggest වන අතර Find Channels වෙත ගොස් New, Most Active, සහ Popular ලෙසින් Filter කොට ඔබට Channels බලාගත හැකි වනවා.

මීට අමතරව Channel Admin හට Text, Photos, Videos සහ Stickers යැවිය හැකි වනවා. තවද Channel Admin ලගේ දුරකතන අංක කිසිවක් වෙනත් අයට දැක ගත නොහැකි අතර එය අදාළ පණිවිඩ දිස්වනුයේ Channel එකේ නාමයෙනුයි.

කෙසේ වෙතත් දැනට Channel එක Create කරන දුරකතන අංකය හැර වෙන දුරකතන අංක වෙත Channel Admin ලබා දිය නොහැකි අතර මෙය ඉදිරියේදී වෙනස්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවනවා.

Channel එකක පළ කරන ලද Post එකක් වෙනත් Group එකකට හෝ Chat එකකට Forward කල විට එම පණිවිඩය සමඟ අදාළ Channel එකේ නාමයද දිස්වන අතර ඒ හරහා වෙනත් පරිශීලකයන්ටද Channel එක Follow කළ හැකි වනවා.

තවද පරිශීලකයන්හට Channel Invite Link එකක් හරහාද Channels වලට Join වීමේ හැකියාව තිබෙන අතර ඔබ Follow කරන Channels මොනවා දැයි වෙන අයට දැකගත නොහැකි වනවා. මෙම Channels වල පණිවිඩ රැඳී තිබෙන්නේ දින 30ක කාලයක් පමණක් වන අතර එම කාලය තුල Channel Adminට එම පණිවිඩ Edit කළ හැකිවනවා.


මෙවැනි වූ නවතම තොරතුරු දැනගැනීම සඳහා මේ හරහා Android වැඩකාරයෝ නිල WhatsApp Channel එක Follow කරන්න.

Source: blog.whatsapp.com