Loading...
WhatsApp සඳහා වන Multidevice login පහසුකම නුදුරේදීම beta පරිශීලකයන් වෙත නිකුත් කරන බවට තොරතුරු වාර්තා වේ

ඔබට මතක ඇති අපි මිට පෙරත් WhatsApp සදහා Multi Devices Support එක ලබා දිමට මේ වෙන විට ඔවුන් කටයුතු කරමින් සිටින බවට ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

ඒ අනුව මේ වෙන විට WabetaInfo වෙබ් අඩවිය විසින් මේ පිළිබඳව තහවුරු කර තිබෙන තොරතුරු මෙලෙස දක්වන්න පුලුවන්.

WhatsApp Multi Device Support එක යටතේ එක් WhatsApp ගිණුමක් Devices 04ක් ඔස්සේ එකම වේලාවේදි භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙහි දි දැනට පවතිනවා මෙන් Main Device එක අන්තර්ජාලයට සම්බන්ධව පැවතිම අත්‍යාවශ්‍ය වෙන්නේ නැ.

Multi Device Support එක යටතේ එක් WhatsApp ගිණුම Android මෙන්ම iOS Devices තුලද එක විට භාවිත කිරිමට හැකියාව ලැබෙන අතර එවිට Android Devices වල සිට iOS Devices සදහා මෙන්ම iOS Devices වල සිට Android Devices සදහා ද Chat History එක Migrate කිරිමේ Tool එකක් ලබා දිමටත් නියමිතයි. මෙලෙස Chat History එක Migrate කිරිමට නම් එම Devicesවල නවතම Update එක තිබිය යුතු වෙනවා.

මේ වෙන විට Multi Devices Support එක යටතේ Linked Devices වලින් සාර්ථකව Voice හා Video Call පහසුකම අත්හදා බලා තිබෙන අතර මේ වෙන විට එහි එක් පියවරක් විදිහට WhatsApp Desktop හා WhatsApp Web සදහා එම පහසුකම් ලබා දි තිබෙනවා.

ඒ වගේම මේ වෙන විට Multi Devices Support එක යටතේ එක් එක් Device එකෙන් හෝ සියලු Devices වලින් Chat History එක Delete කිරිමේ හැකියාව ලබා දිමේ පහසුකම වැඩි දියුණු කරමින් සිටිනවා.

මුලින්ම මේ WhatsApp Multi Devices Support එක WhatsApp Web මගින් සදහා ලබා දෙනු ඇති අතර ඉන් පසු Mobile Devices සදහා මේ Feature එක නිකුත් කරනු ඇත.

මුලින්ම මේ WhatsApp Multi Device Support එක WhatsApp Beta භාවිත කරන්නන් සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර Beta Usersලාට WhatsApp Beta සදහා ඔවුන්ගේ අනෙක් Devices එක් කිරිමේ හැකියාව ලබා දෙනු ඇත.

ඒ වගේම එක් ඒක Device එකෙන් වෙන වෙනම Log Out විම සදහා Log Out Option එක හදුන්වා දිමටත් නියමිතව පවතිනවා.

Source : WabetaInfo