ලොව ජනප්රියතම Messaging App එක වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.
ඒ අනුව මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා.



Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වනවා.

කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වනවා.
කෙසේ වෙතත් මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.
Source: beebom.com