Loading...
WhatsApp වෙත Storage Management Tool නමින් නව පහසුකමක් හඳුන්වා දීමට කටයුතු කරයි

WhatsApp වෙත එකතු වෙමින් පවතින අලුත් අලුත් Feature රැසක් ගැනම පසුගිය කාලයේ දි අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව ඔබට මතක ඇති WhatsApp වෙත හදුන්වා දුන්න Advanced Wallpaper Feature එක, WhatsApp Android සදහා ලබා දුන් Face Unlock Feature එක හා WhatsApp Web සදහා Voice & Video Call Feature එකත් ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.‌‌ WhatsApp වෙත හදුන්වා දි ඇති අලුත්ම Feature එක විදිහට Storage Management Tool එක හදුන්වා දෙන්න පුළුවන්.

මේ අනුව WhatsApp හි Storage Usage Section එක Redesign කිරිමක් සිදු කර තිබෙනවා. මේ නව Storage Management Tool එක මගින් අපිට Display එකේ ඉහල තිරැවේ මගින් අපේ Device එකේ මුලු Storage එකෙන් WhatsApp සදහා මෙන්ම අනෙක් Apps සදහාත් ලබා ඇති ප්‍රමාණයන් දක්වනවා. ඉට පහලින් 5MBට වඩා විශාල ගොනු මකා දැමිමට අපිට Review & Delete Items විදිහටත් නව Feature එකක් ලබා දි තිබෙනවා. ඉට යටින් අපේ එක එක Chats සදහා දැනට වෙන් වි ඇති ඉඩ ප්‍රමාණය පෙන්වනවා. ඒ වගේම මේ Update එක මගින් Files Newest, Oldest හා Largest ලෙස Sort කිරිමේ පහසුකමත් ලබා දි තිබෙනවා.

මේ Features සියල්ල මගින් තවත් අපේ දුරකථනයේ තබා නොගත යුතු Files පහසුවෙන් ඉවත් කිරිමට හැකියාව ලබා දි තිබෙනවා. ඒ වගේම මේ නව Storage Management Tool එක අඩු Internal Storage එකක් සහිත දුරකථන සදහා ඉතා ප්‍රයොජනවත් Feature එකක් වන බව කිව යුතුයි. මේ අලුත් Feature එක මේ වන විට Android හා iOS සදහා ලබා දි තිබෙනවා. WhatsApp හි අලුත්ම Version එකට ඔබගේ App එක Update කර ගැනිම තුලින් මේ Feature එක බාවිත කිරිමට හැකි වෙනවා.

Sources : Beebom