Loading...
පරිගණකයකට වැඩි බලයකින් යුතු Power supply unit එකක් යෙදිය යුතුද සහ මොකක්ද මේ 80 Plus rating කියන්නේ?

මම හිතන්නේ Desktop Computer එකක් පාවිච්චි කරන ඔනේම කෙනෙක් දන්නවා Power Supply Unit (PSU) කියන්නේ මොකක් ද කියන එක. ඉතින් PSU එකෙන් කරන ප්‍රදානම කාර්ය තමා Alternating Current (AC/නිවසට පැමිනෙන විදුලිය) එක Low Voltage Direct Current (DC/බැටරි විදුලිය) බවට පරිවර්තනය කරන එක.

ඔයගොල්ලො සමහර විට දැකල ඇති PSU එකේ W(වොට්) අගයක් ගහල තියෙනවා ඒකෙන් කියවෙන්නේ PSU එකන් පරිගණකයට ලබාදෙන්න පුලුවන් උපරිම විදුලි ප්‍රමානය. සරලව කිව්වොත් PSU එකෙන් ඉල්ලුමට තමා සැපයුම දෙන්නේ. උදාහරනයක් විදියට 500W PSU එකකින් පරිගණකය 450W ක් ඉල්ලුවොත් PSU එකෙන් දෙන්නෙ 450W යි, ඒ PSU එකෙන්ම 600W ඉල්ලුවොත් එත් දෙන්නේ 500W ම තමා මොකද ඒකට දෙන්න පුලුවන් එච්චරයි. ඉතින් එහෙම W(වොට්) ගාන මදි උනොත් සමහර විට පරිගණකය on නොවෙන්නත් පුලුවන් නැත්නම් System එක Low Resolution එකකට මාරු වෙන්නත් පුලුවන්.

සමහරු හිතන් ඉන්නවා PSU එකේ W(වොට්) ගාන වැඩි උනාම ඒක හොදයි කියල. ඉතින් ඔයාලට උඩ තියෙන උදාහරනෙ බලපුවාම තේරෙනවා ඒක කිසිම තේරුමක් නැති කතාවක් කියන එක. ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන W(වොට්) ගානට තමා අපි PSU එකක් තෝරගන්න ඕනෙ. තව දෙයක් තියෙනවා, ඔයා ගෙදර විදුලි බිල ගැන සැලකිලිමත් වෙනවනම් අනිවාරෙන් PSU එකට 80 Plus Rating එකක් තියෙනවද කියල බලලා ගන්න ඕනේ.

මොකක්ද මේ PSU වල තියෙන 80 Plus Rating එක

සරලවම කිව්වොත් 80 Plus Rating එකෙන් කියන්නේ PSU එකේ කාර්යක්ෂමතාව ගැන. ඔයාල දන්නවා හැම විදුලි උපකරනයක්ම ලබාගන්න මුලු විදුලියම ඒ කාර්යය කරගන්න වැයකරන්නේ නැති බව, ඉතින් PSU එකෙත් එහෙමයි ලබාගන්න මුලු විදුලියෙන් කොටසක් තාපය වගේ දේවල් වලට හානි වෙලා යනවා. ඉතින් ඒ හානිය ප්‍රතිශතාත්මකව විස්තර කිරීමක් තමා මේ 80 Plus Rating වලින් කියන්නේ

ප්‍රධානව 80 Plus, 80 Plus Bronze, 80 Plus Silver, 80 Plus Gold, 80 Plus Platinum හා 80 Plus Titanium කියලා 80 Plus Rating 6 ක් තියෙනවා. ඉතින් මේ 80 Plus Rating එක, පාවිච්චිවෙන Load එක, ගෘහස්ත විදුලියේ Voltage එකත් එක්ක වෙනස් වෙනවා. 500W PSU එකක Load එක 50% කියන්නෙ ඒ වෙලාවේ පරිගණකය 250W පාවිච්චි කරනවා කියන එක

උදාහරනයක් විදියට Full Load එකේදී 80% ක කාර්යක්ෂමතාවක් තියෙන 500W PSU එකක් තියෙනවා කියල හිතමුකෝ, ඒකේ Full Load එකම (500W) පාවිච්චි කරන වෙලාවක, පාවිච්චි කරන 500W (80%) ට අමතරව තවත් 125W (20%) හානි වෙලා යනවා. ඒ කියන්නෙ අපිට සම්පූර්නයෙන්ම 625W වැයවෙනවා.

ඔයාලට මේ පහල දාලා තියෙන වගුවෙන් 80 Plus Rating එකත් එක්ක PSU එකේ කාර්යක්ෂමතාව වෙනස් වෙන විදිය බලාගන්න පුලුවන්

මං හිතනවා දැන් ඔයාලට 80 Plus Rating කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති කියල. ඉතින් හොඳ 80 Plus Rating එකක් තියෙනවා කියන්නේ ඔයාගෙ විදුලි බිල ඉතිරි වෙනවා කියන එක.

අවසානෙට කියන්න ඕනේ මං මෙතන ගොඩක් සරලව විස්තර කරල තියෙන්නෙ, මොකද මේක හැම දෙනාටම තේරෙන්න ඕනෙ වෙන නිසා. එහෙනම් මේ වගේ තවත් තාක්ෂණික ලිපියකින් නැවත හමුවෙමු.