Windows මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයක් (build එකක්) දැන් නිල නොවන ආකාරයට පිට වී (leak වී) තිබෙනවා. එනම් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Windows 11 සංස්කරණය දැන් තහවුරු වී තිබෙනවා.
here's a first look at Windows 11. There's a new Start menu, rounded corners, a new startup sound, and more https://t.co/VDS08QPsl5 pic.twitter.com/OkCyX3TtmI
— Tom Warren (@tomwarren) June 15, 2021
I may be listening too much into things, but does the new Windows 11 start up noise sound a little like a modern take on the Windows 95 start up noise? pic.twitter.com/WDnhHeT7iq
— Zac Bowden (@zacbowden) June 15, 2021
මෙම නව build එකෙහි කේත අංකය වන්නේ 21996 වන අතර Windows Central වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙය Microsoft සමාගමෙන්ම පිටවූ නිත්‍යානුකුල build එකක්. බැලු බැල්මට මෙහි Windows 10X හි තිබූ ආකාරයේ start menu, taskbar සහිත 'නව' UI එකක් දකින්නට පුළුවන්.
එසේම වක්‍රාකාර කොන් ඇති Windows, නව context menu, නව ශබ්ද සහ නව installation අත්දැකීමක් ඔවුන් ලබා දී තිබෙනවා. ඒත් සමගම නව default wallpaper, widget panel වැනි නව සංස්කරණයක දැකිය හැකි ලක්ෂණ බොහොමයකින් යුක්ත වෙනවා.

අප ඔබට පෙරදී සඳහන් කළා Windows 11 එළිදැක්වීම සිදු වන දිනය සහ වෙලාවත්, ඒ වගේම ඔවුන් වක්‍රාකාරයෙන් '11' යන්න හෙළි කළ අයුරුත්. මෙම event එක මහජනතාවට නැරඹිය හැකි live event එකක් වන නිසා මේ 'අලුත්' (?) OS එක ගැන සියලු විස්තර ඔබට එදින දැනගන්නට හැකි වේවි.
දැනටමත් මේ OS එක install කළ බොහෝ පිරිස් මෙහි නව ලක්ෂණ ගැන විස්තර හෙළිදරව් කරනවා. ඒ ගැන ලිපියක් තව මොහොතකින් අප ඔබ වෙත ගෙන එන්නම්.
Software company මෙලෙස leak කරගැනීම පසුබිම් කතාව අප මීට කලකට පෙර ඔබ වෙත ගෙන ආවා. මෙයත් Microsoft සමාගම එලෙස පාරිභෝගිකයින්ගේ මනස වෙනස් කරන්න හදන අවස්ථාවක් වෙයිද යන්න පාඨක ඔබම තීරණය කරන්න.
Source: Windows Central