Loading...
WWDC 2020 සජීවී විකාශනය iPhones වලින්

පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ Apple සමාගමේ WWDC 2020 event එක ජුනි මස 22 දින virtual event එකක් ලෙස පැවැත්වීමටනියමිතයි.

දැනට ලැබෙන තොරතුරු අනුව Apple සමාගම මෙම event එකේ සජීවී විකාශන කටයුතු තම සුපිරි camreas සහිත iPhones යොදාගනිමින් සිදුකිරීමටසැලසුම් කරන බව වාර්තා වෙනවා.

Covid-19 තත්ත්වය හමුවේ ඇමරිකාවේ ප්‍රසිද්ධ වැඩසටහනක් වන American Idol හි අවසන් කොටස්ද රූපගතකර තිබෙන්නේ නිවෙස්වල සිට iPhone 11 දුරකතන භාවිතයෙනි.

මෙයට අනුගත වෙමින් Apple සමාගමද තම iPhones යොදාගෙන නිවෙස්වල සිට WWDC 2020 event එක සජීව විකාශනය කිරීමට කටයුතු සූදානම්කරමින් පවතිනවා.

කෙසේ නමුත් Developer sessions වලට පමණක් මෙය යොදාගන්නා බවත්,අනිකුත් විකාශන කටයුතු වලට සුපුරුදු ලෙස professional cameras යොදාගෙනුඇති බවත් Bloomberg හි Mark Gurman පවසා තිබෙනවා.

ලබන මස 22 දින Apple developer app එක හා Apple developer website එක හරහා WWDC 2020 විකාශනය කිරීමට නියමිතයි.