Loading...
Xiaomi 12 මාදිලියෙහි power management සඳහා ඔවු​න් විසින්ම නිමැවූ Surge P1 chip එක යොදා ග​නී

Qualcomm 8 Gen 1 Flagship Chipset එක සමග එළිදැක්වීමට නියමිතව ති​බූ Xiaomi සමාගමේ පළමු Smart Phone Series එක වෙන Xiaomi 12 Series එක මේ වන විට එලි දක්වමින් පවතිනවා.

මේ Xiaomi 12 Series එක පිළිබඳ ඔවුන් විසින් නිල වශයෙන් හෙළිකරන ලද නවතම තොරතුරුවලට අනුව මේ Series එක Xiaomi සමාගම විසින්ම Power Management සදහා නිපදවු Surge P1 chip එකෙන් සමන්විත වෙනවා.

ඒ අනුව Xiaomi 12 Pro Smart Phone එක 4600mAh Capacity එකකින් යුතු වෙන අතර එය Single Cell 120W Fast Charging Technology එක සදහා සහය දක්වනු ලබනවා. මේ සියල්ල කළමනාකරණය කරනු ලබන්නේ ඔවුන් විසින්ම නිෂ්පාදිත Surge P1 Chip එක මගිනුයි.

ඔවුන් දක්වන ආකාරයට මේ වෙන විට වෙළෙඳපොළ තුල පවතින බහුලව භාවිත වෙන Dual Cell Battery Design එක Battery Capacity එකට හා Battery ආයු කාලයට අහිතකර ලෙස බලපානු ලබනවා. ඒ අනුව ඔවුන් විසින් මේ Xiaomi 12 Series එකේ Battery Cell Design එක Redesign කිරිම සිදු කර ඇති අතර ඒ මගින් තාප හානිය 30%කින් පමණ අඩු කර ගැනිමේ හැකියාවත් ලැබි ඇති බව වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Source: Gizmochina