Loading...
Mi 11 දුරකතනයේ WIFI අක්‍රීය වීම පිළිබඳව පලවන පැමිණිලි හාස්‍යජනක ලෙස මකා දැමීමට Xiaomi සමාගම කටයුතු කරයි

මේ වසර ජනවාරි මාසයේ දි Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නවතම Flagship Device එක වෙන Xiaomi Mi 11 Smart Phone එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන්ගේ මේ Xiaomi Mi 11 Smart Phone එක Qualcomm Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන ලොව පළමු Smart Phone එක ද වුණා.

කෙසේ වෙතත් Xiaomi සමාගමේ මේ Mi 11 Smart Phone එක විවිධ ගැටලුවලට ලක් වු බවට එහි Usersලා කිහිප දෙනෙකු විසින්ම පසුගිය කාලය තුල වාර්තා කරනු ලැබුවා. මැතක දි මේ Mi 11 Smart Phone එකේ Burnt Motherboards Issue එකක් පිළිබඳව ද වාර්තා වෙනු ලැබුවා. මේ වෙන විට චීන Xiaomi Mi 11 Usersලා සැලකිය යුතු පිරිසක් විසින් ඔවුන්ගේ Devices වල WIFI Module එක හදිසියේම අක්‍රිය වු බවට පැමිණිලි කර තිබෙනවා.

සැලකිය යුතු Xiaomi Mi 11 Usersලා පිරිසක් ගැටලුවට මුහුණු දි තිබුණද තවත් පිරිසක් පවසා සිටින්නේ ඔවුන් එවැනි ගැටලුවකට මුහුණ දි නොමැති බවයි. කෙසේ වෙතත් තවමත් Xiaomi සමාගම විසින් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා නෑ. මීට අමතරව Xiaomi Mi 11 Smart Phone එක පිළිබඳව මිට පෙර අධික වශයෙන් රත් විම, අධික ලෙස Battery පරිබෝජනය හා Battery ආයු කාලය අඩු විම වැනි ගැටලු පිළිබඳව පැමිණි ලැබි තිබෙනවා.

මෙලෙස WIFI Module එක අක්‍රිය විමට හේතුව ලෙස බොහෝ දෙනා දක්වා තිබෙන්නේ Motherboard Design එකේ තිබෙන බරපතල අඩුපාඩුවක් නිසා  බවයි, තවත් පිරිසක් මෙය යම් නිෂ්පාදන දෝෂයක් ලෙස දක්වන අතර වඩාත්ම හාසයට ලක් වි තිබෙන කරුණ වෙන්නේ මෙලෙස WIFI Module එක අක්‍රිය විම පිළිබඳව Xiaomi Mi 11 Usersලා විසින් Xiaomi Community එක තුල පළ කරන ලද Post එම Community එකේ Moderatorsලා විසින් Black List කර Delete කිරිමට ක්‍රියා කර තිබිමයි.

මේ වෙන විට බොහෝ දෙනා විසින් Xiaomi සමාගමේ මේ නින්දාශිලි ක්‍රියාකාරකම පිළිබඳව විවේචනය කරමින් සිටින අතර Xiaomi සමාගම විසින් මේ ගැටලු පිළිබඳව තවමත් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වෙනවා.

ඒ වගේම Xiaomi Mi 11 Smart Phone එකේ WIFI Module එක හා Bluetooth Module එක එකම Chip එකක පවතින බැවින් මේ Chip එක අක්‍රිය වි පවති නම් WIFI පමණක් අක්‍රිය විය නොහැකි වෙන අතර එය Bluetooth සදහා ද බලපානු ලබනවා. මේ අනුව එක්තරා කණ්ඩායමකට පමණක් බලපානු ලබන මේ ගැටලුව බොහෝ විට නිෂ්පාදන දෝෂයක් විට හැකි වෙන අතර Xiaomi සමාගම විසින් මේ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගැනිම අත්‍යාවශ්‍යම වෙනවා.

Source : Gizmochina