Loading...
Xiaomi සමාගම විසින් Xiaomi CIVI නමින් නව ජංගම දුරකතන මාදිලියක් සැප්තැම්බර් 27 වන දින එළිදැක්වීමට සූදානම් වේ

Xiaomi සමාගම විසින් CIVI නමින් නව Smartphone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බවට මේ වෙන විට අන්තර්ජාල තුල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා. ඒ අනුව ඔවුන්ගේ නිල Weibo ගිණුම මගින් මේ නව Xiaomi Smartphone Series එක සැප්තැම්බර් 27 වෙන දින එළිදැක්වීමට සුදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා.

Xiaomi සමාගම විසින් තවමත් මේ නව Smartphone Series එක පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැති වුවත් ඔවුන් විසින් අද දිනයේදි මේ CIVI Smart Phone එක ඇතුළත් Video Clip එකක් පළ කර තිබෙනවා.

Xiaomi සමාගම විසින් පළකර තිබෙන Official Teaser Clip එකට අනුව මේ Xiaomi CIVI Smartphone එක Vivo S Series එක හා OPPO Reno Series එකේ Design එකට සමාන ආකාරයට නිර්මාණය කර ඇති බව කියන්න පුළුවන්.

ඒ අනුව මේ Smartphone එක Triangular Triple Camera Setup එකකින් සමන්විත වෙන අතර Curved Display එකකින් හා AG Glass Back එකකිනුත් සමන්විත වෙනවා. Power & Volume Keys දකුණු පසින් ස්ථානගත කර තිබෙනවා.

තවමත් මේ Xiaomi CIVI Smartphone එකේ Specifications පිළිබඳ Xiaomi සමාගම විසින් තොරතුරු නිකුත් කර නොමැති අතර මෙය Xiaomi සමාගම විසින් කාන්තාවන් ඉලක්ක කර වෙළෙඳපොළට නිකුත් කරන සිත් ඇදගන්නා සුළු Design එකකින් යුතු Smartphone එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

Source: Gizmochina