ලොව පුරා වු තාක්ෂණික සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචලිත කිරිමට ඉතාමත් වැදගත් රටක් විදිහට ඉන්දියාව හදුන්වා දෙන්න පුළුවන්. මේ වන විට ඉන්දියානු වෙළදපොලේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගෙන සිටින Xiaomi සමාගම විසින් ඉන්දියාව තුලම ඉන්දියාව සදහා අවශ්‍ය Xiaomi Smart Phones හා Smart TVs නිපදවිමට සුදානමින් සිටිනවා.
Taking #MakeInIndia initiative one step ahead!
— Mi India #Mi10i is Here! (@XiaomiIndia) February 25, 2021
We're partnering with DBG & BYD to open 2 more #smartphone manufacturing units & Radiant Technology for #SmartTV.
- 99% phones; 100% TV #MadeInIndia
- 75% components sourced locally
- 20% capacity increase
- 60k strong #Mi family pic.twitter.com/70bzf4Lb86
ඒ ඉන්දියානු රජයේ ආදර්ශ පාඨයක් වෙන 'Made in India' ආදර්ශ පාඨයට අනුකුල මින් පසු ඉන්දියාවට අවශ්‍ය සියලු Xiaomi නිෂ්පාදන රටතුලම නිපදවිමට සුදානම් බව Xiaomi සමාගම ඔවුන්ගේ නිල Blog අඩවිය මගින්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම මේ වන විටත් සමහර Xiaomi Devices ඉන්දියාව තුලම නිෂ්පාදන සිදු වෙනවා. ඒ ඔවුන්ගේ Manufacturing Partnersලා වෙන Foxconn හා Flex යන සමාගම් හරහායි.
මේ සමාගම්වලට අනතුරැව ඉන්දියාව තුල Xiaomi Mobile Devices නිෂ්පාදන කිරිම සදහා තවත් සමාගම් දෙකක් මේ වන විට එකතු වි සිටිනවා. ඒ හර්යානා (Haryana) හි පිහිටි DBG සමාගම හා තමිල්නාඩුවේ (Tamil Nadu) වේ පිහිටි BYD කියන සමාගම් ද්විත්වය යි. වැඩිදුරටත් Xiaomi සමාගම දක්වා ඇත්තේ Foxconn හා Flex සමාගම් ද්විත්වයත් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව 20% කින් පමණ මේ වන විට ඉහළ නංවා ඇති බවයි. මේ Xiaomi Mobile Devices සදහා අවශ්‍ය Smartphone Components ද ඉන්දියාව තුලම නිපදවිමට නියමිත වෙනවා. ඒ අනුව PCBAs, Sub-board, Camera module, Battery, Back panels, USB cables, Chargers හා Boxes නිපදවිමට Sunny India, NVT, Salcomp, LY Tech හා Sunvoda කියන සමාගම් සමග Xiaomi සමාගම සුදානමින් සිටිනවා.
#Mi For #India ???
— Manu Kumar Jain (@manukumarjain) February 25, 2021
99% of the smartphones & 75% of the value of the smartphones #MadeInIndia: probably highest in the industry. ?
Ramping up local manufacturing of components: PCBA, sub board, camera module, battery, back panel, USB, chargers & more.
I ❤️ #MakeInIndia ? https://t.co/xWs5qSwKUG pic.twitter.com/Aa4iSNL0rL
Smart Tv නිපදවිම සදහා Xiaomi සමාගම සමග ඉන්දියාවේ Radiant Technology සමාගම එක්වි සිටිනවා.
Strengthening our commitment to #MakeinIndia @XiaomiIndia
— Muralikrishnan B (@hawkeye) February 25, 2021
? 5+ Years of #MakeinIndia
? 2 new EMS partners - DBG & BYD, 20% capacity ⬆️
? ~75% of value of phone is now locally sourced (components)
? New Smart TV manufacturing partner - Radiant
? 60K+ employment generated https://t.co/McyKngSsPS
මෙලෙස Xiaomi සමාගම සමග ඉන්දියාවේ Manufacture සමාගම් රැසක් එකතු විම තුලින් ඔවුන්ගේ ශ්‍රම බලකාය වැඩි වි තිබෙනවා. ඒ අනුව මේ වසරේදි නව රැකියා අවස්ථා 10,000 පමණ බිහි වෙන අතරම මුලු ශ්‍රම බලකාය 60,000 ඉක්මවනු ඇත.
Source : Gizmochina