ඔබ දැනටමත් දන්නවා ඇති පසුගිය කාලය තුලදි ඉන්දියාව හා චීනය අතර යම් යම් මතභේදාත්මක සිදුවිම් කිහිපයක් සිදු වු බව. ඉන්දියාව හා චීනය අතර මේ ගැටලු ඇරඹුනේ දේශසිමා ගැටලුවල ප්රතිඵලයක් විදිහට කියන එක නම් නොරහසක්.
මේ ගැටලුත් එක්ක ඉන්දියානු රජය පසුගිය කාලයේදි ආන්දෝලනාත්මක තිරණ කිහිපයක් ගනු ලැබුවා. ඒ චීන App 59 මුලුමනින්ම තහනම් කරමිනුයි. මේ තහනමට හේතු ලෙස ඔවුන් දැක්වුවේ ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳව මතුවන ගැටලු නිසා මෙම app තහනම් කරන බවයි.
ඒ වගේම මේ තහනම් කර ඇති Applications අතර Xiaomi සමාගමේ Applications කිහිපයක්ද වනවා. ඒ Mi Browser Pro, Mi Community, හා Mi Video Call කියන Applications.
Xiaomi සමාගම දැන් නිවේදනය කරල තියෙන්නේ ඔවුන් ඉන්දියාවටම විශේෂ වු නව MIUI Update එකක් හරහා මේ තහනමට ලක්වු Applications ඉවත් කරන ලද නව MIUI Version එකක් ලබා දෙන්න කටයුතු කරනවා කරනවා කියල. ඒ කියන්නේ මින් පසු ඉන්දියාව තුලදි ඒ තහනමට ලක්වු Apps කිසිවක් pre-installed ලෙස Device එක සමග නොපැමිණෙන බවයි.
ඔවුන් මේ ගැන ඔවුන්ගේ නිල Twitter ගිණුමේ දක්වලා තියෙනවා.
? IMPORTANT news about #Xiaomi phones in #India:
— Mi India (@XiaomiIndia) August 7, 2020
1) None of the blocked apps will be available
2) MIUI Cleaner app is not using Clean Master app banned by Indian Govt.
3) 100% of Indian user data stays in India
A new version of MIUI coming soon.
Please read & spread the news. pic.twitter.com/I1WPAkXVWi
ඒ අනුව ඔවුන් ප්රකාශ කරන්නේ ඔවුන්ගේ මේ නව MIUI Update එක හරහා ඉන්දියානු රජය විසින් තහනම් කල App ඉවත් කර ලබා දිමට කටයුතු කරන බවයි. මේ නව MIUI එක තහනමට ලක්වු applications රහිතව ඉන්දියාව තුල භාවිත කල හැකි වන පරිදි සකසා දැනට පවතින MI Devices හා ඉන්දියාව තුල ඉදිරියේ දි භාවිත වන Devices සදහා ලබා දිමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්රකාශ කරනවා. ඒ වගේම ඉදිරි සති 2-3න තුල මේ විශේෂ MIUI Update එක ඉන්දියාව තුල පවතින MI Devices වෙත ලබා දෙන්න කටයුතු කරනවා කියලත් Xiaomi සමාගම නිවේදනය කරල තියෙනවා.
ඉන්දියානු රජය විසින් තහනම් කර ඇති Cheetah Mobile's Clean Master App එක හා ඔවුන්ගේ Cleaner App එක සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් මොවුන් වැඩිදුර දක්වා තිබෙනවා.
ඉන්දියානුවන්ගේ Personal Information ආරක්ෂා කිරිම සදහා මින් පසුව Local Servers භාවිතා කරන බවත් ඒ තුලින් එම දත්ත ඉන්දියාවෙන් පිටතට නොයැමට වගබලා ගන්නා බවත් ඔවුන් ප්රකාශ කරනවා.
Xiaomi සමාගම පවසන්නේ ඉන්දියාව හා චීනය අතර ඇති ගැටලු නිසා තම පාරිභෝගිකයින්ට ගැටලුවක් ඇති නොවන පරිදි ඉන්දියාවේ ඕනැම දේශිය නිතියකට යටත්ව තමාගේ සේවා ඉන්දියානු පාරිභෝගිකයා වෙත සැපයිමට තමන් කැමැත්තෙන් සිටින බවත් වේ.
Source: XDA Developers