Loading...
Non-GMS ජංගම දුරකතන සඳහා විකල්ප ක්‍රම මඟින් Google Services ස්ථාපනය කරගැනීම අවහිර කිරීමට Xiaomi සමාගම කටයුතු කරයි

චීන Smart Phone Companies ඔවුන්ගේ රට තුල එළිදක්වන සියලු Smart Phone සදහා Google Mobile Services ලබා දිම සිදු කරන්නේ නැත. ඒ චීනය තුල සියලු Google Platforms තහනම් කර තිබෙන නිසාවෙනි. නමුත් එලෙස Smart Phone සදහා Google Mobile Services ලබා නොදුන්න ද මේ දක්වා ඔවුනට අවශ්‍ය නම් Google Mobile Services චිනයෙන් පිටතදි හෝ VPN ආධාරයෙන් Download කර ගත හැකිව පැවතුණා.

නමුත් ඉදිරියට චීන Smart Phone Manufacture සමාගමක් වෙන Xiaomi සමාගමේ Smart Phone සදහා මෙලෙස විකල්ප ක්‍රම මගින් Google Mobile Services Download කර ගැනිමට නොහැකි බවයි ඔවුන් දක්වා තිබෙන්නේ. ඒ අනුව මින් පසු මිලදි ගන්නා Google Mobile Services නොමැති MI හා Redmi Smart Phone සදහා විකල්ප ක්‍රම මගින් Google Mobile Services ලබා ගැනිමට නොහැකි වෙනවා.

මෙලෙස Non-GMS Phones සදහා නැවත Google Mobile Services Download කිරිමට නොහැකි විම ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ චීනයට පමණක් සිමා වෙන Mi 10 Ultra, Redmi K30 Ultra හා Redmi 10X series එකේ Smart Phone සදහායි. මෙම Devices සදහා මින් පසු වෙනත් රටකදි වුවද Google Mobile Services ලබා ගැනිමට හැකියාවක් ලැබෙන්නේ නැති වෙන අතර Third-party Services මගින් GSM Apps Sideload කර ගැනිමට හැකියාව තිබෙනවා.

Source : GsmArena, Myfixguide