Loading...
Xiaomi සමාගම විසින් ඉවත් කල හැකි තිරයක් සහිත ජංගම දුරකථනයකට පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කරයි

දැනට අවුරැදු කිහිපයකට කලින් තමා Non-Removable Battery සහිත දුරකථන ජනප්‍රිය විම ඇරඹුනේ. හැබැයි ඊට කලින් තිබුණු Removable Battery සහිත දුරකථනයවලත් ලොකු ගැටළුවක් පැවතුනේ නැ.

වෙනස් විදිහට හිතන Company එකක් වෙන Xiaomi Company එක In Phone Earbuds දෙකක් නිපදවිම සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගන්න සුදානම් බව අපි කලින් ලිපියකින් ගේනාවා.

ඒ වගේම දැන් ඔවුන් Removable Display සහිත දුරකථනයක් නිපදවිමට ඇති හැකියාව ගැන පර්යේෂණ කරනවා. ඔවුන් මේ වෙද්දිත් ඒ සදහා අවශ්‍ය පේටන්ට් බලපත්‍ර ලබා ගැනිමට කටයුතු කරල තියෙනවා.

මොවුන් මේ Removable Display සහිත දුරකථනය සදහා CNIPA (China National Intellectual Property Administration) මගින් "Two Component Phone ” යටතේ පේටන්ට් බලපත්‍රය ඉල්ලුම් කර තිබෙනවා.

ඒ කියන්නේ අපිට Display එක හා Body එක වෙන වෙනම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

Lets Go Digital වෙබ් අඩවිය දක්වා තිබෙන අකාරයට මෙම දුරකථනයේ Body එකටම Fornt Camera Setup එක පැමිණෙනවා. ඒ කියන්නේ Display එක තුල Camera වැනි කිසිවක් අඩංගු අන්තර්ගත වෙන්නේ නැ. Earpiece එකත් දුරකථනයේ Body එකටම සවිකර තිබෙන අකාරය ඔවුන් දක්වලා තිබෙනවා.

කෙටියෙන්ම කියනව නම් මොවනු මේ Removable Display සහිත දුරකථනයට Under Screen Camera Setup එකක් ඇතුලත් කිරිමට කටයුතු කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Display එක Body එකට සම්බන්ධව තියෙන විට මේ දුරකථනය හා අනෙක් දුරකථනය අතර කිසිදු වෙනසක් දකින්න පුලුවන් කමක් ලැබෙන්නේ නැ.

ඒ කියනනේ හේ Display එකට ඒ Display එකේම Main Body එක නැතුව වෙනත් Main Body එකක් හරහාත් ක්‍රියාකරන්න හැකියාව ලැබෙනවා.

ඒත් මේ Removable Display Function එක නම් වැඩිය ප්‍රායෝගික නැති බවයි බැලු බැල්මටම පෙන්නේ. ඒ වගේම මේ Removable Display සහිත දුරකථනය නම් කවදාවත් මොවනු වෙළදපොලට එක්කිරීම⁣ට නිර්මාණය නොකරන බව විශ්වාසයි.

Source - LetsGoDigital, GizmoChina