Loading...
Xiaomi සමාගමේ Xiao AI සඳහා මාසිකව මිලියන 100කට වඩා වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් එකතු වන බව නිවේදනය කරයි

පසුගිය වසර නොවැම්බර් මාසයේදි එළිදැක්වුණ Xiaomi සමාගමේ නිල Voice Assistant වෙන Xiao AI සදහා මේ වෙන විට මිලියන සියයකට වැඩි මාසික පරිශිලකයන් ප්‍රමාණයක් එක්ව ඇති බව ඔවුන් විසින් නිවේදනය කර තිබෙනවා.

Xiaomi සමාගමේ නිල Voice Assistant වෙන Xiao AI කියන්නේ කෘතිම බුද්ධිය ( Artificial Intelligence ) මත පදනම් වු Voice Interaction Engine එකක් වෙනවා. ඔවුන්ගේ මේ Xiao Ai Voice Assistant සදහා වසර හතරක් තුල ප්‍රධාන Upgrades 05කට අධික සංඛ්‍යාවක් සමග බිලියන 91.7කට අධික ප්‍රමාණයක Voice Interactions සිදු කර තිබෙනවා.

මේ වෙන විටත් Xiaomi සමාගමේ විවිධ නිෂ්පාදන සදහා අන්තර්ගත කර තිබෙනවා. ඒ අනුව Xiaomi Speakers, Mi Tvs, Smart Phones තුල මෙ Voice Assistantගේ සහය ලබා ගත හැකි වෙනවා. මීට අමතරව Fitness, Smart Home, Smart Wear, Smart Office, Children’s Entertainment Based Products, Smart Travel, Smart Learning හා ඔවුන්ගේ විවිධ නිෂ්පාදන සදහා මේ Voice Assistant සහය ලබා දි තිබෙනවා.

Source : Gizmochina