Loading...
Xiaomi සමාගම විසින් තුනට නැවිය හැකි foldable ජංගම දුරකථනයක් සඳහා patent ලබා ගනී

Xiaomi සමාගම විසින් Z Fold Design එකේ Foldable Smartphone එකක් සදහා Patent බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මේ Foldable Smartphone එක Bending Screen දෙකකින් සමන්විත වෙනවා.

LetsGoDigital වෙබ්අඩවියේ දක්වා ඇති ආකාරයට ඔවුන් මේ සදහා පසුගිය සතියේදී Patent බලපත්‍රය ලබාගෙන තිබෙනවා. හ් වගේම මෙහි ඉදිරිපස තිරය Punch Hole Display එකක් බව බලාගන්න පුලුවන්. ඒ වගේම මෙය දිග හැරිය Tablet Size එක ලැබෙන පරිදි ඔවුන් නිර්මාණය කර තිබෙනවා. මෙය Z අකුරේ ආකාරයට දිග හැරිම හා හැකිලිම සිදු කල හැකි වෙනවා.

ඒ වගේම SIM Tray එක හා Volume Rockers දකුණු පසින් ද පහතින් USB Type-C Port එක හා Speakers Grills පහලින් මෙන්ම ඉහලින් ද ලබා දෙන්න බලාපොරොත්තු වෙලා තියෙන බවත් කියන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ Device එක වෙළදපොලට පැමිණිම ගැන නම් එතරම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කමක් නැ. අනිවාර්යයෙන්ම ඉදිරියේදි වඩාත් වැඩි දියුණු කෙ⁣රැණු Foldable Device එකක් Xiaomi සමාගමේන්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : LetsGoDigital, Gizmochina