Loading...
Xiaomi සමාගමේ 200W charging තාක්ෂණය නිසා බැටරියේ ආයු කාලය ඉක්මනින් අඩු වීමේ අවදානමක්

Xiaomi සමාගම විසින් පසුගිය මාසයේ දි 200W Wired Fast charging Technology එක මෙන්ම Wireless 120W Fast Charging Technology එකත් හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව 4000mAh Capacity එකක් සහිත Battery එකක් මිනිත්තු 08ක් වැනි කෙ⁣ටි කාලයක් තුල Charge කිරිමේ හැකියාව ලැබෙනවා. කෙසේ නමුත් මේ Fast Charging තාක්ෂණ මගින් Battery යෙහි ආයු කාලයට බලපෑමක් වන බවත් කිව යුතුයි.

Xiaomi සමාගමේ නිල Weibo ගිණුම ඔස්සේ ඔවුන් විසින් මේ wired 200W Fast Charging Technology එක හා Wireless 120W Fast Charging Technology එක පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ප්‍රකාශ කරන්න කටයුතු කර තිබෙනවා.

මෙලෙස ප්‍රකාශයට පත් කරන ලද⁣ තොරතුරුවලින් මොවුන් විසින් 200W Fast Charging Technology එක Battery Health එක සදහා බලපාන ආකාරය පිළිබඳව තොරතුරු පල කර තිබෙනවා. ඒ අනුව Charging & Discharging Cycles 800 අවසානයේදි Battery Capacity එක 80%ට පමණ අඩු වෙන බව දක්වා තිබෙනවා

Battery Cycles 800 කියන්නේ සාමාන්‍යයෙන් වසර දෙකක පමණ භාවිත කාලයක් වෙනවා. ඒ අනුව 4000mAh පමණ Battery Capacity එකක් සහිත Smartphone එකක, වසර දෙකක පමණ භාවිත කාලයකින් පසුව පවතින Battery Capacity එක වන්නේ 3200mAh පමණ Battery Capacity එකකුයි. 5000mAh පමණ Battery Capacity එකක් සහිත Smartphone එකක් නම් වසර දෙකකට පමණ පසුව 4000mAh Battery Capacity එකකට ආසන්න ප්‍රමාණයෙන් ඉතිරි වෙනවා.

ඒ වගේම පසුගිය වසරේදි Oppo සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 125W Super Fast Charger එක මගින් Charging Cycles 800කට පමණ පසුව Battery Capacity එක 80% පමණ දක්වා අඩු වෙන බව Oppo සමාගම විසින් ප්‍රකාශ කල අතර ඔවුන්ගේ 65W Fast Changing Technology එක මගින් 91% දක්වා Battery Capacity එක අඩු වි තිබෙනවා.

කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් මෙහිදි දක්වා තිබෙන්නේ Chinese Regulatory Standard වලට අනුව Battery Cycles 400කට පමණ පසුව Battery Capacity එකෙන් 60%ක ප්‍රමාණයක් ඉතිරිව පැවතිම ප්‍රමාණවත් බවයි. කෙසේ වෙතත් Battery Cycles 400ක්, එනම් වසරක භාවිත කාලයෙන් පසු 4000mAh Battery Capacity එකක් සහිත Smartphone එකක Battery Capacity එක 2400mAh පමණ පැවතිම ප්‍රමාණවත් බවයි.

ඔවුන්ගේ Regulatory Standard කෙසේ වුවත් වර්තමානයේ Smartphoneවල පවතින 5G පහසුකම, High Refresh Rates වගේම වෙනත් Power-hungry Features නිසා වසරකින් මෙලෙස Battery Capacity එක අඩු විම Usersලාට අතිශය ප්‍රබල ගැටලුවක් වෙනවා.

කෙසේ වෙතත් එදිනෙදා කාර්යබහුල ජිවන රටාවත් සමග අත්‍යාවශ්‍යම උපාංගක් වෙන Smartphone එක Fast Charging Technology එක සහිත විම මේ වෙන විට අත්‍යාවශ්‍යම වි තිබෙනවා. එම හේතුව නිසා Smartphone නිෂ්පාදන සමාගම් 120-200W වැනි Fast Charging Technology මගින් සිදුවෙන Battery Capacity හානිය විසදිමට සුදුසු විසදුමක් ලබා දෙන තුරු 40-65W Fast Charging Technology එක මගින් Battery Capacity එකට එතරම් හානියක් නොවි භාවිත කිරිම සදහා සුදුසු වෙනු ඇත.

Source: Android Authority