Loading...
YouTube Musicහි Podcasts සදහා Automatic Download පහසුකමක් හඳුන්වාදීමට සූදානම් වෙයි

Google සමාගම විසින් Google Podcast සේවාව 2024 වසරේදී විශ්‍රාම යැවීමට ගත් තීරණය මත Google හි ප්‍රධාන Podcast Streaming Platform එක ලෙස YouTube Music නම් කරන්නට වුනා. ඒත් සමගම YouTube Music තවත් ඉහල තලයකට ඔසවා තැබීම සදහා ඔවුන් විසින් නව විශේෂාංග කිහිපයක් ඒ සදහා එකතු කර තියෙනවා සහ එකතු කරන්න අදහසින් සිටින බව පිළිබදවත් තොරතුරු වාර්ත වෙනවා.

YouTube Music is coming for Spotify as it looks to finally add podcasts |  Android Central

එයින් එකක් ලෙස YouTube Music තුල පවතින Podcast Auto Download කර ගත හැකි වන පරිදි විශේෂාංගයක් ඔවුන් දියත් කර තිබෙනවා. ඔවුන් මෙම විශේෂාංගය දියත් කර තිබෙන්නේ Google විසින් YouTube Music නුදුරේදීම ඔවුන්ගේ ප්‍රධාන Podcast Streaming Platform එක වන බව දැන්වීමෙන් පසුවයි. මෙම තීරණය ඔවුන්ගේ ඉදිරි Podcast Streaming යුද්ධය සදහා ද හොද හෝ නරක ලෙස බලපානු ඇතැයි අපට සිතිය හැකිය.

මෙම විශේෂාංගය Activate කර ගැනීම සදහා ඔබ ප්‍රථමයෙන් Screen එකේ වම් පස ඇති Add to Library Click කර Turn on Auto-Downloads Option එක තෝරා එය සක්‍රීය කර ගත හැකිය. ඉන් අනතුරුව නවතම Podcast offline ඇසීම සදහා ඔබගේ දුරකථනයට භාගත වන අතර ඔබ එය අසා නිම කිරීමෙන් පසුව එය Automatically Delete වේ. ඒ වගේම ඔබ නොඅසා කාලයක් ගත වන Podcast ද Automatically Delete කිරීම ද ඔවුන් විසින් සිදු කරයි. එහිදී ඔබට එම Delete වීමේ කාලය පැය 24, දවස් 7, දවස් 30 සහ දවස් 90 ලෙස ඔබට කැමති පරිදි වෙනස් කල හැකි අතර එම කාලය නිමාවීමෙන් පසුව ඔබ නොඅසා තිබෙන සහ අසා නිම කර ඇති Podcast සියල්ල Delete වී යයි.

එසේම මෙම Auto Download පහසුකම ඔබ තෝරා ගන්න Podcast Chapters හෝ Episode සදහා පමණක් වලංගු වන අතර ඔබට ඒ සදහා සම්පූර්ණ Podcast එකක් තේරීම අවශ්‍ය නම් එහි Description එකේ ඇති Auto Download On කිරීමෙන් සිදු කල හැකිය. එසේම එහිදීම එය Off කිරීමෙන් හෝ Library Tab > Podcasts Filter > Downloaded මගින් Off කිරීමෙන් ඔබට එම Podcast Chapter එක හෝ Episode එක සදහා එම සේවාව ක්‍රියා විරහිත කල හැකී.

මෙම සේවාව YouTube Music 6.21 Version එකෙහි සිට ක්‍රියා කරනු ලබනවා.

9to5google වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඉදිරියේදී YouTube Music සදහා පුදුම සහගත විශේෂාංග රැසක් පැමිණීමෙට තිබෙන බවය. ඉතින් Podcast Streaming Platform එක තුල සිදු වන තවත් විශේෂිත සිදු වීම් දැනගන්න රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Sources: 9to5google.com androidpolice.com