Loading...
MWC Shanghaiහිදී තම 2nd-gen under-screen camera තාක්ෂණය පිළිබඳව එලි දැක්වීමට ZTE ආයතයන කටයුතු කරයි

ඔබට මතක ඇති පසුගිය වසරේ අගොස්තු මාසයේදි Under display cameraවක් සහිත ලොව ප්‍රථම Smart Phone එක ලෙස ZTE සමාගමේ ZTE Axon 20 5G Smart Phone එක එළිදැක්වුණා. ඉන් නොනැවතුනු ZTE සමාගම වේ වන විට නිවේදනය කර තිබෙන්නේ එහි ඉදිරි පියවර වෙන Next Generation Under Screen Camera Technology එකේ නවතම Camera Setup එක එළිදැක්වීමට ඔවුන් සුදානමින් සිටින බවයි.

ZTE සමාගාම් Business Unit President වගේම Nubia Technology හි President වෙන Ni Fei විසින් ඔහුගේ නිල Weibo ගිණුම ඔස්සේ දක්වා ඇත්තේ එය එළිදැක්වීමට ඔවුන් සුදානමින් සිටින බවයි. ඒ මේ මස 23 සිට 25 දක්වා Shanghai New International Expo Center (SNIEC) හි පැවැත්විමට නියමිත MWC Shanghai Technology Event එකේදියි. ඔවුන් මෙය 2nd-gen Under-screen Camera Technology ලෙස නම් කර තිබෙනවා.

මේ 2nd-gen Under-screen Camera Technology එක සදහා ඔවුන් මුලික වශයෙන්ම Under-screen 3D Structured Light Technology එක යොදාගෙන තිබෙනවා. ඒ වගේම මේ 2nd-gen Under-screen Camera Technology එක සහිතව Axon 30 Pro Smart Phone එක ඉදිරියේදි එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Smart Phone එක Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙනු ඇති බවත් වාර්තා වෙනවා.

Source : Gizmochina