Loading...
Apple සමාගම විසින් ඔවුන්ගේ සියලු Operating Systems “OS 26” ලෙසින් හඳුන්වා දීමට සැරසේ

එළැඹෙන ජුනි මසයේදී Apple සමාගම විසින් WWDC 25 Event එක පැවැත්වීමට නියමිත අතර සුපුරුදු පරිදිම මෙහිදී ඔවුන්ගේ උපාංගයන් සඳහා වන මෙහෙයුම් පද්ධතිවල නවතම සංස්කරණයන් හඳුන්වා දීම සිදු වනවා. ඒ අනුව නව iOS, iPadOS, macOS, watchOS, tvOS, සහ visionOS යන OSවල නවතම Version මෙහිදී හඳුන්වා දෙනු ලබනවා.

කෙසේ වෙතත් පසුගිය වසර වනතුරුම සුපුරුදු ලෙස ඔවුන් එම OS එක හඳුන්වා දුන් වසරේ සිට පිළිවෙලින් ඉලක්කම් යොදමින් හඳුන්වා දීම සිදු වුවා. ඒ අනුව මේ වසර නිකුත් වන OS සියල්ලම එලෙස නම් විය යුතු වුවත් මේ වසරේ සිට වසරට අදාලව නම් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව OS සියල්ල මෙලෙස නම් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

  • iOS 19 > iOS 26
  • iPadOS 19 > iPadOS 26
  • macOS 16 > macOS 26
  • tvOS 19 > tvOS 26
  • watchOS 12 > watchOS 26
  • visionOS 3 > visionOS 26

මෙලෙස වසරට අදාලව OS නම් කිරීමට තිරණය කර ඇත්තේ පරිශීලකයින්ට එකිනෙකට වෙනස් යාවත්කාලීන වර්ෂයන් තේරුම් ගැනීමේ ගැටලුවක් ඇති කරන නිසා බවයි දැක්වෙන්නේ. මේ නව රටාව මගින් මෙම ගැටලුව විසඳීමට Apple සමාගම බලාපොරොත්තු වන අතර, එය පරිශීලකයින්ට තම උපාංගවල මෙහෙයුම් පද්ධති යාවත්කාලීන වූ වර්ෂය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ තොරතුරු සමඟම ඉදිරියේදී හෝ Apple සමාගමේ උපාංගවල නම් කරනයත් මීට සමගාමීව වෙනස් වීමට ඉඩ ඇති බවට අපට උපකල්පනය කරන්න පුලුවන්.