Loading...
iPhone 14 Series එක සඳහා 6GB RAM වර්​ග දෙකකින්?

iPhone 14 Series එකේ,අප මීට පෙර වාර්තා කළා Punch Hole Display එකක් ලබා දෙන බවට සහ එහි Camera එකේ නව පහසුකම් ගැන අපේ Team එක ඔබට වාර්තා කළා.පසුගිය වසරේ Flagship 12 GB Ram සහිත Android Device වලට වඩා 6GB Ram සහිත iPhone 13 හොඳ Performance එකක් දැක්වූවා. iPhone වල Performance Ram එකෙන් මැන ගන්න ට නොහැකිය.

නිල නොලත් වාර්තාවට අනුව iPhone 14 Series හි Pro-iPhones, Non Pro-iPhones අතර විශේෂ වෙනසක් සිදුවන බව අපි ඔබට වාර්තා කළා. iPhone 14 Series එකම 6GB Ram සහිත වන බවට වාර්තාවක් නිකුත් වී ඇත. සුප්‍රසිද්ධ විශ්ලේශිකාවක් වන Ming-Chi-Kuo ගේ වාර්තාවට අනුව පෙර සඳහන් කළ පරිදි Pro-iPhones, Non Pro-iPhones අතර විශාල වෙනසක් කරමින් Pro-iPhones වලට නව LPDDRD5 වේගවත් Ram එකක් ද ඇතුළත් වන අතර අනෙක් Non Pro-iPhones වලට පැරණි iPhone 13 හි පැවති LPDDR4X Ram භාවිතා වනු ඇත.

එසේම 6GB Ram iPhone 13 Pro Models වල තිබුණද Non Pro-iPhones 13 වල LPDDR4X (4GB Ram)තිබුණු අතර,නිල නොලත් වාර්තා වලට අනුව iPhone 14 Pro Models වේගවත් නව LPDDRD5 (6GB) Ramහා අනෙක් iPhone 14 Non-Pro Models දෙකට iPhone 13 හි පැවති LPDDR4X (6GB)Ram භාවිතා වනු ඇත ලැබේ.

මේ ආකාරයෙන්ම iPhone 13 වල තිබූ A15 Bionic පැරණි Chipset එක iPhone 14 Non-Pro Models වලට හා iPhone 14 Pro Models වලට මෙතෙක් නිකුත් නොකල Apple Bionic A16 Chipset එක භාවිතා වනු ඇති බවට අප ඔබට වාර්තා කළා.Chipset වලට අමතරව මීට පෙර 13 Series හි Storage එක ආරම්භ වූයේ 128 GB වලිනි.නමුත් මේ නිල නොවන වාර්තා වලට අනුව 14 Series හි ආරම්භක Storage එක 256 GB විය හැකිය.

මෙලෙස iPhone 14 Series එක සදහා Apple සමාගම විසින් Chipset දෙකක්/Ram දෙකක් භාවිත කිරිම ඔවුන්ගේ වෙළෙඳ/මුල්‍යමය උපක්‍රමයක් බවද දක්වන්න පුලුවන්. ඒ අනුව Non-Pro iPhone Models හා Pro iPhone Models අතර බොහෝ විට පැහැදිලි මිල වෙනසක් ද අපේක්ෂා කරන්න පුලුවන්.

Apple iPhone 14 Series එක එක කොහොම වේවිද? ඔබේ අදහස් දක්වන්න.

Source: Gizmochina