Loading...
Notch එකක් සහ MagSafe සහිතව M1 Pro ස​හ Max Chip වලින් සමන්විත MacBook Pro එලිදැක්වීමට ඇපල් සමාගම කටයුතු කර​යි

ඇපල් සමාගම විසින් එලිදැක්වූ M1 Pro සහ M1 Max යන නවතම චිප්සෙට් දෙක ඇතුලත් කරමින් නිපදවූ ඇපල් සමාගමේ නවතම අඟල් 14 සහ අඟල් 16 MacBook Pro මාදීලියේ ලැප්ටොප් පරිගණක දෙකක් එලි දැක්වීම සිදු කරනු ලැබුවා. මෙම එලිදැක්වීමට දින කිහිපයක් තිබියදී පැතිර ගිය කට කතා වලදී මෙන්ම මෙම MacBook Pro දෙකේම iPhones වල මෙන්ම notch එකක් දකින්නට ලැබුනා.

පසුගිය වසරේ ඇපල් සමාගම විසින් Intel chipset වලින් බැහැරව ඔවුන් විසින්ම නිපදවනු ලැබූ M1 නම් චිප්සෙට් එකකින් යුතු මැක් උපාංග එලිදක්වනු ලැබූ අතර පසුව iPad Pro එකක්ද එලිදැක්වීමට කටයුතු කරා. M1 චිප්සෙට් එක ඇතුලත් කරමින් එලිදක්වනු ලැබූ උපාංග සියල්ලම පාහේ තත්‍යකාලයෙදී දක්වනු ලැබූ සහ දක්වමින් පවතින වේගවත් performances හේතුවෙන් මෙම වසරේදී ඇපල් සමාගම විසින් නව මැක්බුක් පරිගණක එලිදක්වන තුරු ලොවම නොඉවසිල්ලෙන් බලා සිටි අතර Android වැඩකාරයෝද ඒ පිලිබඳව නිරතුරුවම විමසිල්ලෙන් සිටියා.

පසුගිය 18 වන දිනදී ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම චිප්සෙට් දෙක වන M1 Pro සහ M1 Max යන චිප්සෙට් දෙක යොදා අඟල් 14ක සහ අඟල් 16ක තිරයකින් යුතු MacBook Pro මාදිලි දෙකක් හදුන්වා දෙනු ලැබුවා. මෙම MacBook Pro මාදිලි දෙකම Liquide Retina XDR display වලින් යුක්ත වන අතර අඟල් 14 සහ අඟල් 16 යන මාදිලි දෙක පිලිවෙලින් 3024 x 1964 සහ 3456 x 2234 යන screen resolutions වලින් යුක්ත වනවා. මෙවර ඇපල් සමාගම යොදාගෙන ඇති display සඳහා ProMotion සහය ලබා දී අතර 120Hz adaptive refresh rate එකක් ලබා දී තිබෙනවා.

ඇපල් සමාගමෙ නව චිප්සෙට් දෙක ඇතුලත් වන MacBook Pro වල අවම රැම් ධාරිතාවය ගිගා බයිට් 16 වන අතර M1 Proහිදී එය උපරිමය වශයෙන් ගිගා බයිට් 32ක් දක්වාත් M1 Maxහිදී එය උපරිමය ගිගා බයිට් 64ක් දක්වාත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මෙම නව අඟල 14 සහ අඟල් 16 MacBook Pro පරිගණක දෙක ගිගා බයිට් 512 සිට ටෙරාබයිට් 8ක් දක්වා වන SSD මතක ධාරිතාවයකින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. WiFi 6 වලින් මෙම MacBook Pro ද්විත්වයම සමන්විත වන අතර Bluetooth 5.0 වලින් බල ගැන්වෙනවා.

නවතම මැක්බුක් ප්‍රෝ උපාංග සඳහා SD Card reader එකක් සහ HDMI Port එක ලබා දී ඇති අයු​රු

මීට පෙර අප විසින් වාර්තා කලාක් මෙන් මෙවර ඇපල් සමාගම විසින් නවතම මැක්බුක් දෙක සඳහා HDMI port එකක් සහ SD card reader එකක් ලබා දී තිබෙනවා. මීට අමතරව සුපුර​දු Thunderbolt ports 4කින් සමන්විත වන අතර එයින් එකක් හරහා මෙම මැක්බුක්හි බැටරි ආරෝපණය කිරිමේ හැකියාව පවතිනවා. මෙම Thunderbolt ports හරහා තප්පරයකට ගිගා බිට් 4ක වේගයකින් දත්ත හුවමාරු කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙයට අමතරව ඇපල් සමාගම විසින් නැවත වතාවක් තම නවතම MacBook Pro සඳහා MagSafe හරහා බැටරි ආරෝපණය කිරීමේ හැකියාව ලබා දී ඇති අතර මෙම පහසුකම අවසාන වරට අපට බලා ගත හැකි වූයේ MacBook 2015 මාදිලිවලිනි.

මේ MagSafe 3.0 පහසුකම හරහා පහතාකාරයෙන් නවතම මැක්බුක් ප්‍රෝ මාදිලි ආරෝපණයක් කර ගැනීමේ හැකියාව හිමිවනවා.

  1. 8-core M1 Pro CPU එකකින් යුතු අඟල් 14 මැක්බුක් ප්‍රෝ එකක් සඳහා 67W charger එකක්
  2. 10-core M1 Pro ​හෝ M1 Max CPU ​එකකින් යුතු අඟල් 14 මැක්බුක් ප්‍රෝ එකක් සඳහා 96W charger එකක්
  3. අඟල් 16 මැක්බුක් ප්‍රෝ එකක් සඳහා 140W charger එකක්
MagSafe 3.0 වලින් සමන්විත නවතම MacBook Pro එකක්

ඇපල් සමාගම මෙවර ඔවුන්ගේ iPhones සඳහා යොදන Notch එක MacBook සඳහාද ලබා දීමට කටයුතු කර ඇති අතර එහි අඩංගු වන්නේ 1080p කැමරාවකි. ඒ හරහා වඩාත් පැහැදිලි රූප ල​බා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ නමුත් මෙම Notch එක සතුව FaceID පහසුකම නම් නෑ.

නවතම MacBook Pro සඳහා display notch එකක් යොදා ඇති ආකාර​ය

ඒ වගේම ලොව විශාල පිරිසක් කැමැත්ත දක්වපු සහ අකමැත්ත දක්වපු දෙයක් තමයි මේ Touch Bar කියන්නේ. මෙය MacBook Pro සඳහාම වෙන්වුනු සහ අනන්‍ය වුනු පහසුකමක්. මෙවර MacBook Pro සඳහා මෙම TouchBar එක ඇතුලත් නොවන අතර පැරණි ආකාරයටම ඒ වෙනුවට Function keys සහ දිගින් වැඩි Escape button එක​ක් ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම පළලින් වැඩි සහ ඉඩ කඩ වැඩි විශාල Track Pad එකක්ද මේ මැක්බුක් වෙත එකතු කිරීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙවර Butterfly keyboard එක ඉවත් කර Magic Keyboard eකක් යොදා ගැනීමටද ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

2021 MacBook Pro සඳහා යොදාගෙන ඇති නවතම Keyboard layout එක. මෙහිදී Touch Bar එක ඉවත් කර ඇත.

ඇපල් සමාගම නිරතුරුවම වාගෙ තම මැක්බුක් මාදිලි සඳහා හොඳ ශබ්දවාහිනී පද්ධතියක් එකතු කිරීමට කටයුතු කරනවා. මෙවර ඔවුන් නිකුත් කල නවතම මැක්බුක්ස් සමඟින් වඩාත් හොඳ output එක ලබා දෙන සුපිරි sounds system එකක් එකතු කිරීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

සාමාන්‍යෙන් මැක්බුක් ප්‍රෝ භාවිතා කරන විට පරිශීලකයන්ට ඇති වන ප්‍රශ්නයක් තමයි මැක්බුක් ප්‍රෝ ඉතාමත් ඉක්මනින් රත්වීම. නමුත් M1 චිප්සෙට් එක යෙදී මැක්බුක් වලදී නම් මෙය ඉතාමත් අවම තත්වයේ තමයි පැවතුනේ. මෙවර ඇපල් සමාගම විසින් එලිදැක්වූ MacBook Pro මාදිලි ද්විත්වයම නිර්මාණය කර තිබෙන්නේ විශේෂයෙන්ම වෘත්තියෙන් නිර්මාණකරනයෙහි යෙදෙන අය සඳහා වන බැවින් ඔවුන්ගේ වැඩ  සිදු කිරීමේදී ඇති වන තාපය ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් වෙන airflow එකකින් යුතුව නිර්මාණය කිරීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ආකාරයට සියල්ල කතා කලත් අපිට අත හැරිය නොහැකිම දෙයක් තමයි බැටරි ආයුකාලය. අඟල් 14ක තිරයක් සහිතව එලිදැක්වූ මාදිලිය එක්වරක් ආරෝපණය කිරීමෙන් පසුව පැය 17ක වීඩියෝ නැරඹුම් කාලයක් සහ අඟල් 16ක තිරයක් සහිතව එලිදැක්වූ මාදිලිය පැය 21ක් දක්වා වීඩියෝ නැරඹුම් කාලයකින් යුක්ත වනවා. එමෙන්ම මෘදුකාංග සංවර්ධකයන් සඳහා M1 මැක්බුක් ප්‍රෝ එකක මෙන් හතර ගුණයක බැටරි ආයුකාලයක්ද, Adobe Lightroom Classic භාවිතා කරන්නන් හට M1 මැක්බුක් ප්‍රෝ එකක මෙන් දෙගුණයක බැටරි ආයුකාලයක්ද හිමි වනවා.

MacBook Pro 14" සහ 16" වල specification සැකෙවින්.

M1 Pro චිප්සෙට් එකෙන් සමන්විත වන MacBook Pro සඳහා display දෙකක්ද, Mi Max චිප්සෙට් එකෙන් සමන්විත වන MacBook Pro සඳ්අහා display හතරක්ද සවිකිරීමේ හැකියාව පවතිනවා.

නවතම MacBook Pro සඳහා macOs Monterey pre-installed කර ඇති අතර, එම සංස්කරනය ඔක්තෝම්බර් 25 වන දින සිට මේ වන වි​ට MacBook භාවිතා කරන පරිශීලකයන්ට නිලවශයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ඇපල් සමාගම විසින් තම අඟල් 14ක MacBook Pro එක ඇමරිකානු ඩොලර් 1,999 සිට ඉහලටත්, අඟල් 16ක MacBook Pro එක ඇමරිකානු ඩොලර් 2,499 සිට ඉහලටත් මිල කර ඇති අතර මේ වන විට pre-order කිරීමේ හැකියාව පවතිනවා. ඔක්තෝම්බර් 26 සිට මෙම MacBook Pro වෙළඳපලෙ​න් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.