Loading...
Apple Leaks කොහොමද Leak වෙන්නේ

ඔයාලා දැකල ඇති නේ මම Leaks And Rumor Post දානවා. ඒ information කොහොමද කොහෙන්ද එන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න හිතුනා. ඉතිං මේ Apple Leaks Game එක ගැන නොදන්න ගොඩක් දෙවල් මෙකෙන් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.

මං දාපු හැම එකක්ම මම උපුටා ගන්නේ ලොකේ top 10 apple leakers ලගෙන් විතරයි . මේ අය කවුරුත් මේ විදියට පිලිගන්නේ නිකමට නෙවේ . මේ හැමෝම කලින් ගොඩක් වතාවල් වල leak කරලා එවා true වෙලා තියෙනවා. මේ හැමෝගෙම Track Record එක ගොඩක් හොදයි.

ඒ වගේම මේ Leakers ලට මේ තොරතුරු එන්නේ Apple Company එකේ වැඩ කරන Software / Hardware / Marketing Development Teams වලින් ඒ වගේම සමහර component leaks එන්නේ component manufacture site වල වැඩ කරන අය හරි foxcon වගේ assembly factory වල වැඩ කරන අයගෙන් . ඒ වගේම CAD renders leak වෙන්නේ ගොඩක්ම accessory makers ලගෙන්. ඉතිං මේ එක එක ගැන ටිකක් පැහැදිලි කරන්නම්,

Apple Software Developers

මෙයාලා ගොඩක් වෙලාවට device එකක් දකින්නේ නෑ මෙයාලට යවන්නේ dummy models ඒ කියන්නේ design මොකුත් නැති hardware එකක් එයාලට products වලට code names හම්බෙනවා. ඔව් එක එක apple product එක ගානේ මේ code names වෙනස් ඒ වගේම එක එක team වලටත් මෙ name එක වෙනස්. ඒත් මෙයාලට coding වලදි hardware වල මොනවද තියෙන්නේ කියලා ලෙසියෙන් තෙරුම්ගන්න පුලුවන්. ඒ වගේම මේ අයට iOS , MacOS වල future builds testing වලට හම්බෙනවා ඒ build වල තියෙන artworks වගේ එවගෙනුත් ඊලගට එන device ගැන idea එකක් ගන්න පුලුවන්.

Apple Hardware Developers

මෙයාලා තමා hardware design කරන්නේ මේ කට්ටිය දෙගොල්ලක් ඉන්නවා ඒ Exterior Hardware Design  කරන අයයි Internal Hardware Design කරන අයයි.

මේ අයගෙන් එන leaks කොයි කාලේ එන products වලද කියන්න බෑ මොකද iPhone වගේ device එක මාසෙන් දෙකෙන් හදන්නේ නෑ. අවුරුදු ගානක් development and testing කරන් යනවා ඉතිං මේ අය වැඩ කරන ඒවා ඉස්සරහට එන්න තියන එවගේ වෙන්න පුලුවන්, ඒ වගේම අවුරුදු ගානක් වැඩ කරලා උනත් quality එක හොද උනේ නැත්තන් cancel වෙලා යනවා. ඉතිං මේ අයගෙන් එන leaks එයිම කියලා හරියටම කියන්න බෑ.

Apple Marketing Team

මේ අය ගේන leaks තමා 100% වගේම හරි ඒත් මේ leaks එන්නේ product එකක් leak වෙන්න ගොඩක් ලං වෙලා හරියට prices , release dates වගේ දේවල් ගොඩක් හරි වෙන්නේ මෙකයි. ඒ වගේම මෙයාලා තමා ඊලග products වල නම් පවා තීරනය කරන්නේ ඉතිං ඊලග iPhone එකට 12 කියනවද 11s කියනවද ඔක්කම දන්නේ මෙයාලා ඒත් මේ කිසිම දෙයක් release වෙන්න මාසයක් දෙකක් යනකන් දැනගන්න බෑ.

ඊට පස්සේ Apple නොවන අය ගැන කතා කරමු

Component Manufactures

Apple device වල කොටස් හදන්නේ මෙයාලා. මෙයාලගේ leaks එන්නේත් device එකක final design එක finalize කරාට පස්සේ මේ දේ සාමාන්‍යයෙන් release කරන device එකේ වැදගත්කම අනුව වෙනස් ඒ කියන්නෙ iPhone වගේ device ගොඩක් විකිනෙනවානේ එවා ටිකක් කලින් finalize කරලා කොටස් හදනවා මොකද assembly එකට කල් යන නිසා ඒත් ගොඩක් ලොකු ඉල්ලුමක් නැති device වෙනස්.

මෙයාලගෙන් එන leaks අනුව ඊලගට එන device වල hardware features , design 100% වගේම හිතාගන්න පුලුවන් මොකද මෙවා වෙනස් වෙන්නේ ගොඩක් කලාතුරකින්.

Foxconn Assembly Site Workers

මේ අයගෙන් නම් leak වෙනවා ගොඩක් අඩුයි මොකද apple ලා මේ ගැන ගොඩක් හිතලා security වැඩි කරන නිසා වගේම මෙයාලට නීතිමය තහනමක් තියෙනවා. එත් මුදල් නිසා මෙ අයගෙනුත් මොනවා කරත් leaks එනවා ඒවත් 100% හරි ඒත් මෙවත් එන්නේ ගොඩක් release වෙන්න ලං වෙලා

Accessory Manufacturers

Apple විතරක්ම මෙයාලගේ device වලට accessories හදන්නේ නෑ. වෙන company වලිනුත් හදනවා ඉතිං මේ අයට basic design CADs දෙනවා cases වගේ එවා හදන්න මොකද Apple store වල උනත් වෙන brand වල cases ගොඩක් තියෙනවා. මේ ඔක්කම හදන්න design කරන්න කල් ඔනේ device එකක් release වෙලා මේ දේ කරන්න බෑනේ ඒ නිසා ටික කාලෙකට කලින් මේ CAD files එලියට එනවා මෙවගෙන් basic idea එකක් ගන්න පුලුවන්.

ඉතිං මේ වගේ අයගෙන් හම්බෙන leaks ගොඩක් හොද leakers ලා සල්ලි වලට ගන්නවා මොකද මේවා හොද news ,ගොඩක් දෙනෙක් උනන්දුයි මෙවා ගැන. ඔයාලා උනත් එහෙම ඇති.

ඒත් මේ හැම device එකකම prototype කීපයක් තියෙනවා ඉතිං එක එක leaks එක එක device වල වෙන්න පුලුවන් මේ කීපයෙන් එකක් තමා final design එකට තෝරගන්නේ, ඒ වගේමයි software උනත් හරියට iOS 14 වල internal test build 8 ක් තියෙනවා වගේ; එකින් එක වෙනස් සමහර features අන්තිම මොහොතේ උනත් අයින් වෙන්න පුලුවන් ඒ වගේම features complete කරගන්න බැරි උනොත් අයින්ම කරලා දාන්නත් පුලුවන්. ඒ වගේමයි features, මෙවත් test කරලා කරලා අවුරුදු ගනන් වැඩ කරලා උනත් අන්තිම මොහොතේ අයින් වෙන්න පුලුවන් ඒ වගේම අපි නොදන්න leak නොකරන teams ඔනේ තරම් තියෙන්නත් පුලුවන්. ඒ නිසා අලුත් device එකක් release කරලා ඊලග device එක වෙනකන් මුල් කාලේ leaks වල accuracy එක ගොඩක් අඩුවෙන් පටන් අරන් ගොඩක් වැඩි වෙනවා release වෙන්න ලං වෙද්දි.

ඉතිං මේ හැමදේම technology ගැන උනන්දුවෙන් ඉන්න ඔයාලට ගොඩක් interesting topics ඒ නිසාම මෙවා මෙ පල්ලෙහා ඉන්න වගේ ගොඩක් ප්‍රසිද්ධ පිලිගත්ත අයගෙන් අපිට දැනගන්න පුලුවන් වෙනවා

  1. Ming-Chi Kuo ( Famous Analyst )
  2. Macotakara
  3. Max Weinbach
  4. Jon Prosser ( Youtuber )
  5. Ben Geskin
  6. Everything Apple Pro ( Youtuber )
  7. Steve H.Mcfly ( On Leaks )

මේ අය වගේම තවත් ගොඩක් ඉන්නවා මේ මුල් 10 දෙනා වගේ ගොඩක් accurate ඉතිං මේ කීප දෙනෙක් කියනවා නම් එකම දෙයක් ඒ දේ 100% හරියන්න ගොඩක් ඉඩ තියෙනවා. හරියට මේ ලගදිම උන SE 2 Hardware Spec Leak එක වගේ.

ඉතිං මේ අය මේ තොරතුරු ගොඩක් තැන් වල සදහන් කරනවා ඒ තොරතුරු හැමෝටම හොය හොය ඉන්න වෙලාවක් නෑ. ඒත් technology වලට උනන්දු ඔයාලට මේ තොරතුරු දැනගන්න තමා අපි මේ හැමදේම තෙරුම්ගන්න ලෙසි විදියට ඔයාලා ලගට ගෙන්නේ. ඉතිං Leaks and Rumor කියන දෙවල් හරියට හරි යන්නවත් ඒවා 100% විශ්වාස කරන්නවත් එපා, සාමාන්‍ය idea එකක් ගන්න ඊලගට වෙන්න පුලුවන් දෙවල් ගැන.