මිල අධික තාක්ෂණික උපාංග සඳහා ප්‍රසිද්ධ Apple සමාගම සිය පාරිභෝගික පදනම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් වඩාත් දැරිය හැකි මිලකට ලබා ගත හැකි නිෂ්පාදන රැසක් මීට පෙරත් විවිධ නම් ඔස්සේ වෙළදපොලට නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. ඉදිරි මාස කිහිපය තුළ නිකුත් වීමට නියමිත මෙම Devices මඟින් අඩු මිලට ඉහළ තාක්ෂණික අත්දැකීමක් ලබා දීමට Apple සැලසුම් කර තිබෙන අතර නව Budget Devices කිහිපයක් නිකුත් කිරීමට Apple සමාගම සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
Budget iPhone එක
පසුගිය වසරේ නිකුත් වූ iPhone 16e මාදිලියේ පැවති අඩුපාඩු රාශියක් මඟහරවා ගනිමින් iPhone 17e මාදිලිය වෙළඳපොළට පැමිණීමට නියමිත බවට වාර්තා වනවා.

ඒ අනුව මෙය නවතම A19 chip එක, MagSafe සහාය සහ වඩාත් සිහින් බෙසල් (Bezels) සහිත නවීන පෙනුමකින් යුතු වනු ඇතැයි බලපොරොත්තු වෙන්න පුලුවන්. එමෙන්ම මීට පෙර High End මාදිලිවලට පමණක් සීමා වූ Dynamic Island විශේෂාංගය මෙවර iPhone 17e වෙත ද හිමි වන බවත් Apple හි නවතම C1X modem සහ N1 wireless chip එක මඟින් වේගවත් අන්තර්ජාල සහ සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් දක්වන්න පුලුවන්.
AI තාක්ෂණය Entry-level iPadවලටත්
Apple හි Entry-level iPad මාදිලිය ද මෙවර විශාල Upgrade කිරීමකට සිතු වී ඇති බව දක්වන්න පුලුවන්. ඒ අනුව නව iPad එක A18 chip එකෙන් සමන්විත වී ඇති නිසා නව Siri සහ සියලුම Apple Intelligence විශේෂාංග Entry-level iPad මාදිලිය ඔස්සේද ලබා ගත හැකි වනු ඇත.

ඩොලර් 699කට MacBook එකක් !?
මෙතෙක් Apple වෙළදපොලට නිකුත් කළ මිලෙන් අඩුම ලැප්ටොප් එක වූ MacBook Air අභිබවා යමින් හුදෙක් "MacBook" ලෙස පමණක් නම් කළ අලුත්ම මාදිලියක් හඳුන්වා දීමට නියමිත බවත් වාර්තා වනවා.

ඒ අනුව මෙහි ආරම්භක මිල ඩොලර් 699 (එනම් රු. 210,000 පමණ) වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එනම් මෙය සාමාන්‍ය MacBook Air එකකට වඩා ඩොලර් 300ක් පමණ මිලෙන් අඩු වනවා. මෙයට A18 Pro chip එක ඇතුළත් වනු ඇති අතර, අඟල් 12.9ක තිරයක් සහ 8GB RAM එකක් ඇතුළත් වනු ඇතැයි සඳහන් වනවා. තවද නිල්, රෝස, කහ සහ රිදී වැනි විවිධ වර්ණවලින් මෙය ලබා ගත හැකි බවත් වාර්තා වනවා. මෙමඟින් Apple සමාගම සිය ලැප්ටොප් කාණ්ඩය ද iPad මෙන්ම Base (MacBook), Mid-tier (MacBook Air) සහ High-end (MacBook Pro) ලෙස කාණ්ඩ තුනකට බෙදා වෙන් කිරීමට සූදානම් වන බව දක්වන්න පුලුවන්.
මේ නව Budget Devices සමගින් වෙළදපොල තුල දැවැන්ත වෙනසක් සිදු කිරීමට Apple සමාගමට හැකි වනු බව නිසකයි.
Source: 9to5mac.com








