ඔබට මතක ඇති Apple සමාගම විසින් පසුගිය වසරේ නිකුත් වු iPhone 15 Series එකත් සමඟින් තම iPhones සඳහා එතෙක් කල් ලබා දුන් iconic Apple Lightning Port එක වෙනුවට USB Type-C Port එක ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ European Union එක විසින් යුරෝපය තුළ 2025 සිට අලෙවි කරන Smartphones USB Type C සමඟින් නිකුත් විය යුතුයි නියම කල නිසායි.
ඒ අනුව දැනට Apple සමාගම විසින් 2022දී එළිදැක්වු iPhone 14 සහ iPhone SE දැනටත් යුරෝපය තුළ Lightning Port එක සහිතව අලෙවි වුවාට, European Union එකේ ඉහත නීතිය නිසා මෙම වසර අවසානයේ සිට අලෙවිය නවතා දැමීමට සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් මිට පෙර Apple සමාගම විසින් මේ iPhone 14 Series එකේ iPhone 14 සහ iPhone 14 Plus Smartphones දෙක පමණක් USB Type C සමඟින් නැවත වෙළදපොලට නිකුත් කිරීමට සුදානම් බවට තොරතුරු වාර්තා වුවත් තවමත් එය සිදු වුයේ නොමැති වනවා. ඒ අනුව බොහෝ විට Apple සමාගම විසින් එළඹෙන වසර සිට යුරෝපා කාලාපය තුළ iPhone 14 Series Smartphones අලෙවිය නවතා දමනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
කෙසේ වෙතත් එළඹෙන වසර මුලදී නිකුත් වීමට නියමිත 4th Gen iPhone SE Smartphone එකත් USB Type C සමඟින් නිකුත් වීම නිසා මෙලෙස iPhone 14 Series එකේ අලෙවිය යුරෝපය තුළ නවතා දැමීම පාරිභෝගිකයින්ට හෝ Apple සමාගමට එතරම් ලොකු පාඩුවක් නොවනු ඇති බව දක්වන්න පුලුවන්. තවද මේ නිසා 4th Gen iPhone SE Smartphone එකේ අලෙවිය යුරෝපය තුළ වාර්තා ගත ලෙස ඉහල යා හැකි බවත් බලාපොරොත්තු වන්න පුලුවන්.
සාමාන්‍යයෙන් iPhone 14 සහ iPhone 14 Plus Smartphones 2025 වසරේදී Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 17 Series එක නිකුත් කරන තුරු නිල වශයෙන් ලොව පුරා අලෙවි වීම සිදු වනවා.
කෙසේ වෙතත් මෙය යුරෝපා කාලාපයේ රටවලට පමණක් බලපානු ලබන අතර අනෙත් රටවලදී සාමාන්‍ය පරිදි එළඹෙන 2025 වසර අවසානය තෙක් iPhone 14 සහ iPhone 14 Plus මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
Source: 9to5mac.com www.igen.fr