Loading...
හොදම 5G Trial Network එක කාගෙද?

මේ වන විට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන දුරකථන සේවා සපයන ආයතනවලින් රැසක්ම ඔවුන්ගේ 5G Trial Network ආරම්භ කර තිබෙනවා. ඒ අතරින් සමාගම් කිහිපයක් විසින් මේ වන විට 5G Trial Networks සදහා තම පාරිභෝගිකයන්ට ප්‍රවේශ විමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

ලංකාවේ 5G Network එක ගැන මේ වන විට අපි දන්නේ මොනවා ද?

මේ වන විට ශ්‍රී ලංකාව තුල 5G Trial Network ආරම්භ කරන ලද දුරකථන සේවා සපයන සමාගම්වලින් වේගවත්ම 5G Trial Network එක දියත් කරනු ලැබුවේ Airtel සමාගම විසිනුයි. ඒ 1.9Gbps වේගයක් ලබා ගනිමිනුයි. මේ වන විට 5G Trial Networks ආරම්භ කර ඇති අනෙක් සමාගම් වන Dialog Axiata සමාගම විසින් 1.4Gbps ක වේගයක් සහිත 5G Trial Network එකත්, SLT-MOBITEL සමාගම විසින් 1.2Gbps ක වේගයක් සහිත 5G Trial Network එකත්, Hutch සමාගම විසින් 1.8Gbps ක වේගයක් සහිත 5G Trial Network එකත් සාර්ථකව ශ්‍රී ලංකාව තුල දියත් කර තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට පාරිභෝගිකයන් සදහා භාවිතා කළ හැකි ආකාරයට 5G Trial Network එක ලබා දීම සිදු කරන්නේ Dialog Axiata සමාගම සහ SLT-MOBITEL සමාගම් ද්විත්වය විසිනුයි.

ඒ අනුව Dialog Axiata සමාගම හා SLT-MOBITEL සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා තෝරාගත් ප්‍රදේශ කිහිපයක් සදහා පාරිභෝගිකයන් හට භාවිත කළ හැකි ආකාරයට 5G Trial Network එක ලබා දී තිබෙනවා.

Dialog 5G Trial Network

Dialog සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ 5G Trial Network එක තුල භාවිත කිරිම සදහා දිනකට 10GB බැගින් වන සීමාවකට යටත්ව Data ලබා දෙන අතර එම සීමාව අවසන් වූ පසු 5Mbps වලට වේගය පහත හෙලනු ලබනවා.

මේ වන විට Dialog 5G Trial Network එක සදහා පිවිසිය හැකි ස්ථාන පිළිබඳ මෙතනින් බලන්න.

SlT-MOBITEL 5G Trial Network

SLT-MOBITEL සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ 5G Trial Network එක තුල භාවිත කිරිම සදහා මසකට 10GB Data ප්‍රමාණයක් ලබා දෙනු ලබනවා.

මේ වන විට SLT-MOBITEL 5G Trial Network එක සදහා පිවිසිය හැකි ස්ථාන පිළිබඳ මෙතනින් බලන්න.

මේ වන විටත් සමහර විට ඔබ Dialog 5G Trial Network එක වගේම Mobitel 5G Trial Network එකත් ඔබේ දුරකථනයෙන් භාවිතා කරලා ඇති. එහෙම නම් මේ 5G Trial Network එක ගැන ඔබේ අදහසත් එක් කරන්න අපේ Form එක පැත්තට එන්න.

Source: Dialog, SLT-MOBITEL