Loading...
තප්පරයට ගිගා බිට් 1.9ක වේගයක් වාර්තා කරමින් Airtel ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trials එක අත්හදා බලයි

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය ⁣සේවා සපයන සන්නිවේදන ආයතන රැසක්ම මේ වෙන විට ඔවුන් 4G ආවරණය මුළු දිවයින පුරාම සාර්ථකව ව්‍යාප්ත කර තිබෙන අතර ගමට සන්නිවේදනය වැනි ව්‍යාපෘතින් හරහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග එකතු වි 4G ආවරණය මුළු දිවයින පුරාවටම ලබා දිමට කටයුතු සිදු කරමින් තිබෙනවා.

2020 වසරේදී Dialog සමාගම විසින් ශ්‍රී ලංකාව සදහා ප්‍රථම වරට 1.4 Gbps වේගය සහිත 5G Trial Network එක හදුන්වා දුන් අතර මේ වෙන විට ඔවුන් විසින් ඔවුන්ගේ 5G ජාලය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ සදහා මේ වෙන විටත් ලබා දි තිබෙනවා. ඉන් පසුව SLT-Mobitel සමාගම 1.2Gbps වේගයක් සහිත 5G Trial Network එකත්, පසුගිය වසරේදී Hutch සමාගම විසින් 1.8Gbps වේගයක් සහිත 5G Trial Network එකත් හදුන්වා දෙනු ලැබුවා.

2009 වසරේදී ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කළ Airtel සමාගම 2020 දී ඔවුන්ගේ 4G ජාලය ශ්‍රී ලංකාව සදහා හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මේ වෙන විට ශ්‍රී ලංකාවේ විශාල ප්‍රදේශයක් සදහා තම 4G ආවරණය ලබා දෙන්න Airtel සමාගම සමත් වි තිබෙනවා.

අන්තර්ජාල සන්නිවේදන ක්ෂේත්‍රය තුල නැවුම් වෙනසක් සිදු කරමින් සිටින Airtel සමාගම විසින් ඊයේ (පෙබරවාරි 01) ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක හදුන්වා දිම සිදු කරනු ලැබුවා. මේ Airtel 5G Trial Network එක හදුන්වා දිමේ Event එකේදි ඔවුන් විසින් සජීවිව ඔවුන්ගේ 5G Trial Network එක ඔස්සේ 1.9Gbps වේගයක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trial Network එක තමන් බව සනාථ කර සිටියා.

මේ අවස්ථාවට සහභාගි වු Airtel Lanka Managing Director and CEO වෙන Ashish Chandra මහතා විසින් ප්‍රකාශ කර සිටියේ තම සමාගමේ බලාපොරොත්තුව World Class Network එකක් දැරිය හැකි මිලකට රටේ සැම පුරවැසියෙක් සදහාම ලබා දිම බවයි.

Source : Eye View Sl, Easwaran Rutnam