Loading...
Dialog තම 1.4Gbps වේගය සහිත 5G Trail Network එක නොමිලේ අත්විඳීමට අවස්ථාව සලසා දේ

ඔන්න දැන් අපිටත් 5G Experience එක අත්විදින්න පුලුවන්. ඒ Dialog සමාගම විසින් ලංකාව තුල 5G Trial Network Experience එක අත්විදින්න අවස්ථාව සලසලා දිලා තියෙන නිසා. ආ ඒ එක්කම කියන්නම් මේක මේ කිසිඳු මුදල් ගෙවීමක් කරල දාන ආර්ටිකල් එකක් එහෙම නෙවෙයි. මේක ටිකක් විතර පරණ නිව්ස් එකක්, ගොඩක් අය නොදන්න නිසා අපි අරගෙන එන්න හිතුවා.

නියමු ව්‍යාපෘතියක් විදිහට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව(TRCSL) අධික්ෂණය ඔස්සේ තමා මේ 5G Trial Network Experience එක අපිට ලබා දෙන්න Dialog සමාගම කටයුතු කරන්නේ. දැනට මේ 5G Experience එක අත්විදින්න පුලුවන් සිමිත ස්ථාන කිපයකදි වගේම සිමිත Device කිපයකිනුත් විතරයි.

ඩයලොග් ආයතනය විසින් තම 5G ජාලයේ වේගය තප්පරයට ගිගා බිට් 1.4ක වේගයක් ලබා ගන්නා ආකාරය පෙන්වමින්

ඒ වගේම දැනට මේක Free of Charge  විදිහට නොමිලයේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

ඉතින් අපිට මේ 5G Experience අත්විදින්න පුලුවන් තැන් මොනවද? ‌‌Dialog Customer Care Centresවලින් වගේම තවත් තැන් කිපයකින් අපිට මේ 5G Experience එක ලබා ගන්න පුලුවන්.

මේ Dialog Customer Care Centers වලින් 5G Experience එක ලබා ගන්න පුලුවන්

  1. The Dialog Iconic‌‌
  2. Alfred House
  3. World Trade Center

මේ ප්‍රදේශවලදිත් 5G Experience එක ලබා ගන්න පුලුවන්.

  1. Thurston
  2. Thummulla
  3. Queen’s road‌‌
  4. Galadari
  5. Liberty plaza
  6. Union Place

එතකොට මේ Experience එක ලබා ගන්න පුලුවන් Devices මොනවද ?

  1. Huawei P40 PRO (ELS-NX9)‌‌
  2. Huawei nova 6 5G (WLZ-AN00)‌‌
  3. Huawei MATE 30 RS Porsche 5G (LIO-AN00P)
  4. Huawei MATE 30 PRO 5G (LIO-TN00)‌‌
  5. Huawei MATE 30 PRO 5G (LIO-AN00)
  6. Huawei MATE 30 PRO 5G (LIO-N29)‌‌
  7. Huawei MATE 30 5G (TAS-AN00)
  8. Huawei MATE 20 X (5G) (EVR-N29)‌‌
  9. Huawei MATE 20 X (5G) (EVR-AN00)‌‌
  10. Huawei Honor V30 Pro 5G (OXF-AN10)‌‌
  11. Huawei Honor V30 5G (OXF-AN00)
  12. Oppo Reno 5G (CPH1921)

Dialog සමාගම කියල තියෙන්නේ 5G Experience එක ලබා ගන්න පුලුවන් ස්ථාන සංඛ්‍යාව වගේම, Device සංඛ්‍යාවත් ඉදිරියේදි වැඩි කරන්න කටයුතු කරනවා කියල.

මේක නියමු ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වෙන හින්දා 5G Device එකක් තිබු පමණින්ම  5G Network Use කරන්න වෙන්නේ නැ. 5G Support Device එකක් වගේම 4G SIM එකකුත් අපිට ඔනේ වෙනවා. ඔයා ගාව 4G SIM එකක් දැනටමත් තියෙනව නම් ගැටලුවක් නැ. හැබැයි 4G SIM එකක් තාමත් නැතිනම් තියෙන SIM එක 4G වලට Upgrade කර ගන්න ඕනේ.

ඒ වගේම ඔය උඩ ලිස්ට් එකේ තියෙන 5G Device එකක් තියෙන්නම ඕනේ. මොකද මේ Trial 5G Network එක Use කරන්න පුලුවන් ඒ Deviceවලින් විතරක් හින්දා. හැබැයි ඉස්සරහට ඔය ලිස්ට් එකට තව 5G Devices එකතු කරනවා කියල Dialog ආයතනය කියල තියෙනවා.

ඒ වගේම ඔයා 5G Coverage එක තියෙන තැනකට යන්නත් ඕනේ.ඒ ස්ථාන ටිකත් උඩ ලිස්ට් එකේ තියෙනවා. ඒ වගේම ඉස්සරහට ප්‍රධාන නගරවලටත් 5G Coverage එක ලබා දෙනවා කියල Dialog ආයතනය කියල තියෙනවා.

අපි මේ ස්ථානවලදි 5G Network එකෙන් භාවිතා කරන Data ප්‍රමාණය නොමිලේ ලබා දෙන බව Dialog ආයතනය දන්වලා තියෙනවා.‌‌ හැබැයි අපි 4G Network තියෙන තැනකට ගියපු ගමන් සාමාන්‍ය විදිහට Data charge විම සිදු වෙනවා.

ඒ වගේම ඔයාට 5G Device එකක් තිබ්බත්, 5G Coverage එක තියෙන තැනක හිටියත් ඔයා මේකට Register වෙලා නැත්තම් වැඩේ හරි යන්නේ නැ.

ඔයාට මෙතනින් Register වෙන්න පුලුවන්. ‌‌කරන්න තියෙන්නේ ඔයාගේ Device එක තොරලා , නමයි , Dialog දුරකථන අංකයයි ඇතුලත් කරන්න.

http://www.dialog.lk/5g

ඊට පස්සේ  SMS එකක් මගින් ඔයාලට විස්තර දන්වනවා. ඊට පස්⁣සේ පැය 72ක් ඇතුලත Dialog තාක්ෂණික අංශය විසින් ඔයාගේ Device එක හදුනාගෙන 5G Network එක භාවිතා කරන්න අවස්ථාව ලබා දෙනවා.

කියන්න තියෙන්නේ 5G Device එකකුත් තියෙනව නම්, අර Location එකකට යන්නත් පුලුවන් නම් දැන්ම Register වෙලා 5G Experience එක අත්විදලා ඔයාගේ අත්දැකිම් අපිට කියන්න.

මේ නියමු ව්‍යාපෘතියත් එක්කම ඉතා ඉක්මනින් රටෙන් වැඩි ප්‍රමාණයකට 5G Network Coverage එක ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ ලංකාව පොඩි රටක් නිසා අඩු කුළුණු ප්‍රමාණයකින් රටේ වැඩි කොටසක් ආවරණය කරන්න හැකි විම නිසයි. මේ නිසාම ඉතාම කෙටි කාලයකින් 5G තාක්ෂණයත් අද අපි භාවිතා කරන 4G තාක්ෂණය වගේම ඉතා සුලභව දකින්න පුලුවන් වේවි.

ඒ වගේම Dialog ආයතනය ගැන කියනව  නම් 2006 දී  3G තාක්ෂණය  හඳුන්වාදිමත්, 2013 දි දකුණු ආසියාවේ ප්‍රථම 4G-LTE‌‌සේවා සැපයුම්කරු බවට පත් විමත්, 2017 දී Broadband සදහා 4.5G තාක්ෂණය හදුන්වා දිමත් කරපු සුවිශේෂී ආයතනයක් විදිහට හදුන්වන්න පුලුවන්.

Source: Dialog Axiata, Dialog Social