Loading...
SLT-Mobitel සමාගම විසින් මෙම වසරේ මැදදී Pre-Commercial ආකාරයට 5G තාක්ෂණය සේවාව ලබා දීමට සූදානම් වේ

රාජ්‍ය අනුබද්ධ SLT-Mobitel සමාගම මගින් SLT-Mobitel Brand එක යටතේ මේ වසර මැද වන විට Pre-Commercial 5G Service එකක් දියත් කිරිමට සුදානමින් සිටිනවා. 2022 වන විට මේ 5G Service එකේ Full Commercial 5G Service එකක් විදිහට දියත් කිරිමටත් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ බව SLT-Mobitel සමාගමේ විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න මහතා විසින් Daily Mirror පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කර තිබෙනවා.

මේ වසර මැද වන විට දියත් කිරිමට නියමිත‌‌Pre-Commercial 5G Service එක සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ශ්‍රී ලංකාව තුල 5G තාක්ෂණය අත්හදා බැලිම සදහා වෙන් කර ඇති 3.5GHz සංඛ්‍යාත පරාසය යොදා ගැනිමට නියමිතව තිබෙනවා.

තවමත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ශ්‍රී ලංකාව තුල Commercial 5G Service එකක් දියත් කිරිම සදහා අවශ්‍ය සංඛ්‍යාත පරාසයක් තවමත් නිකුත් කර නොමැති බැවින් එම සංඛ්‍යාත පරාසය ලබා දුන් විගස SLT-Mobitel සමාගම‌‌ඔවුන්ගේ Pre-Commercial 5G Service එක රට තුල Commercial 5G Service එකක් ලෙස පුළුල් කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ 5G Service එක මගින් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාලය භාවිතය සදහා විශාල වෙනසක් හෝ දායකත්වයක් සිදු නොවන අතර මෙය ප්‍රධාන වශයෙන්ම විවිධ කර්මාන්ත හා ව්‍යාපාර ඉලක්ක කර ලබා දෙන බවයි. මෙය විශේෂයෙන්ම නිෂ්පාදන හා සැපයුම් වැනි අංශවල සමාගම් ස්වයංක්‍රීයකරණය සහ ක්‍රියාවලි පාලනයන්හි වැඩි දියුණු කිරිමට විශා පිටුවහලක් වෙන බවත් ඔහු දක්වා තිබෙනවා. මිට අමතරව මේ තුලින් ස්මාර්ට් නගර, ස්මාර්ට් ගොඩනැගිලි හා ස්වයංක්‍රීය රිය ආදියේ වැඩි ප්‍රගතියක් ඉදිරියේදි අපේක්ෂා කරන්න පුළුවන්.

ඉදිරි වසර කිහිපය සදහා ශ්‍රී ලංකාව තුල SLT-Mobitel 5G සේවාව ව්‍යාප්ත කිරීමට  US$ 100 million පමණ මුදලක් වෙන් කර ඇති අතර 5G සේවාව සදහා අවශ්‍ය සංඛ්‍යාව පරාසය වෙන් කර ගැනිමට ‌‌US$ 15 million පමණ මුදලක්ද යෙදැවිමට මොවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Source : Daily Mirror