Loading...
Hutch සමඟින් City Cable වෙතින් Fiber පැකේජයන් රැසක් හඳුන්වා දෙයි

City Cable Links (Pvt) Ltd ආයතනය විසින් සිය FTTX (Fiber to the Home) තාක්ෂණය ඔස්සේ ලබා දෙන නවතම අධිවේගී අසීමිත අන්තර්ජාල පැකේජ එළිදක්වා තිබෙනවා. ඉතා අඩු මිල ගණන් යටතේ Unlimited Data ලබා දීම මෙහි ඇති සුවිශේෂීත්වය වන අතරම Hutch සමාගම සමඟින් මෙම Fiber අන්තර්ජාල සේවාව මොවුන් ලබා දෙනු ලබනවා.

ඒ අනුව දැනට Basic සහ Standrd ලෙස පැකේජයන් 06 ක් හදුන්වා දී තිබෙනවා.

Source - fmtv facebook page

සම්බන්ධ වීමේ ගාස්තු සහ කොන්දේසි

ඔබ දැනටමත් City Cable TV පාරිභෝගිකයකු නම් සම්බන්ධ වීමේ ගාස්තුව රු. 5,000 ක් වන අතර මාස 12ක අවම සේවා කාලයකට එකඟ විය යුතු වනවා. නව පාරිභෝගිකයින් සඳහා සම්බන්ධ වීමේ ගාස්තුව රු. 10,000 ක් වන අතර මාස 24ක අවම සේවා කාලයකට එකඟ විය යුතුයි.

මෙම සම්බන්ධ වීමේ ගාස්තු වලංගු වන්නේ Distribution point එකේ සිට මීටර් 500ක් ඇතුළත පිහිටි ස්ථාන සඳහා පමණක් වන අතර මීටර් 500 සීමාව ඉක්මවන සෑම මීටරයකටම රු. 200 බැගින් අමතර ගාස්තුවක් අය කෙරනු ලබනවා.

එමෙන්ම උපාංග සඳහා ස්ථාපනය කළ දින සිට මාස 12ක වගකීමක් හිමිවන අතර ඕනෑම නිෂ්පාදන දෝෂයක් සඳහා නොමිලේ උපාංග මාරු කර දීම සිදු කරන බවත් ඔවුන් දක්වා තිබෙනවා.


City Cable පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ Fiber ජාලය විශේෂයෙන්ම Work-from-Home, මාර්ගගත ඉගෙනුම් (Online Learning), HD/4K වීඩියෝ නැරඹීම සහ Online Gaming සඳහා ඉතා යෝග්‍ය වන අතර අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ වුවද මෙහි ක්‍රියාකාරීත්වය ස්ථාවරව පවතින බව ඔවුන් පවසනවා.

Source: citycable.lk www.trc.gov.lk