වර්තමානයේදී ඕනෑම යුධ නැවකට අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි ගුවන් ආරක්ෂාව. 20 වන සියවසේ මුල් භාගයේ සිට ගුවන්යානා තාක්ෂණය හදුන්වා දීමත් සමඟයි මේ අවශ්‍යතාවය ඇතිවෙන්නේ. 50 දශකය වන තෙක් මේ සදහා භාවිතා කරණු ලැබුවේ AA තුවක්කු නැතහොත් ගුවන්යානා නාශක තුවක්කු. සතුරු ගුවන්යානා වලින් ආරක්ෂා වීම උදෙසා දෙවැනි ලෝක යුධ සමයේදී මෙවැනි තුවක්කු සිය ගණනක් යුධ නැව් වල සවි කරණු ලැබුවා. නමුත් වර්තමානයේදී නම් AA තුවක්කු භාවිතයේ පවතින්නේ නෑ. ඒ වෙනුවට භාවිතා වෙන්නෙ CIWS නම් අවි පද්ධතිය. පෙරදී තුවක්කු 100කින් පමණ ලැබුණු ආරක්ෂාව වර්තමානයේදී CIWS 5කින් හෝ 6කින් ලබාගත හැකියි.
CIWS - Close-in Weapon Systems
CIWS - Close in Weapon Systems, එසේත් නැත්තං සමීප ආයුධ පද්ධතියක කාර්ය භාරය වෙන්නේ ඉලක්ක ගත ලක්ෂ්‍යය වෙත පැමිණෙන සතුරු මිසයිලයක් හෝ ගුවන්යානයක් හදුනා ගෙන එය විනාශ කිරීමයි. මෙතැනදී ඉලක්ක ගත ලක්ෂ්‍යය කියන්නේ CIWS පිහිටි නෞකාව හෝ වෙනත් යුධ වස්තුවකට. CIWS නාවික මෙන්ම ගොඩබිම් වශයෙන් ද ක්‍රියාත්මකයි. නවීන නැව් බොහොමයක්ම එක් CIWS එකකින් හෝ සන්නද්ධ වෙනවා.
CIWS ප්‍රධාන වශයෙන් වර්ග 2 ක් පවතී.
- CIWS පද්ධති ( CIWS කිව්ව ගමන් මතක් වෙන Phalanx, Kashtan අයිති වෙන්නේ මේ කොටසට)
- මිසයිල CIWS පද්ධති ( HQ-10, RIM 116 ආදි Surface to air missiles )
මේ ලිපියෙන් කතාකරන්නේ ලෝකයේ බහුලව භාවිතා වන තුවක්කු CIWS පද්ධති කිහිපයක් ගැන.
01. AK - 630

මේකෙ නිෂ්පාදකයා වන්නේ රුසියාවයි. මිලිමීටර් 30 බැරල් 6 කින් AK 630 සමන්විත වන අතරම කුඩා රුසියානු නැවේ සිට ගුවන්යානා ප්‍රවාහකය වෙනකන් සෑම රුසියානු නැවක්ම AK 630 න් සන්නද්ධ වේ. AK 630 ට 5 km පරාසයකට වෙඩි තැබිය හැකි අතර විනාඩියකට වට 4000 ක් පමණ වෙඩි තැබිය හැකියි. AK 630M, AK 306, AK 630M1, AK 630M2 ලෙස මෙහි වර්ග කිහිපයක් ද ඇත. රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, ඊජිප්තුව පාකිස්තානය ආදී රටවල් කිහිපයක් ම මෙය භාවිතා කරයි.
02. Aselsan GOKDENIZ

මෙය තුර්කි නිෂ්පාදනයක්. 35mm බැරල් 2 කින් සමන්විතයි. විනාඩියකට වට 1100 ක් වෙඩි තැබිය හැකි අතර උන්ඩ වල පරාසය කිලෝමීටර් 4 ක් පමණ වේ. දැනට මෙය තුර්කිය පමනක් භාවිතා කරණු ලබයි.
03. Dardo

මෙය ඉතාලියේ Oto melara වෙතින් නිෂ්පාදිත මිලිමීටර් 40 Borfors බැරල් 2 කින් යුත් CIWS නිර්මාණයකි. කිලෝමීටර් 4 ක පරාසයකට විනාඩියක ට වට 900 ක් වෙඩි තැබිය හැකිය. ඉතාලියට අමතරව ආර්ජන්ටිනා, සවුදි අරාබිය, පිලිපීනය ආදී රටවල් කිහිපයක් Dardo භාවිතා කරයි.
04. Denel

දකුණු අප්‍රිකානු නිෂ්පාදනයක් වන Denel මිලිමීටර් 35 බැරල් 2 කින් සමන්විතය. කිලෝමීටර් 6 ක පරාසයක ට විනාඩියකට වට 1500 ක් පහර දිය හැකියි. දකුණු අප්‍රිකාවේ Valour class Frigates පමනක් Denel වලින් සන්නද්ධ වේ.
05. Goalkeeper

මෙය 1979 සිට සේවයේ නියුතු නෙදර්ලන්ත නිෂ්පාදනයක්. Goalkeeper මිලිමීටර් 30 බැරල් 7 කින් සමන්විත වේ. මෙයට කිලෝමීටර් 2 ක පරාසයකට විනාඩියක දී වට 4200 ක් වෙඩි තැබීමේ හැකියාව ඇත. නෙදර්ලන්තය ට අමතරව චිලී, බෙල්ජියම , පේරු, පෘතුගාලය, දකුණු කොරියාව ආදිය මෙය භාවිතා කරයි.
06. Kashtan

රුසියානු CIWS කිව්වොත් ඉතින් මේක තමයි මතක් වෙන්න ඕනි. 1970 දශකයේ අග භාගයේ සිට Kashtan සේවයේ යෙදී සිටියි. අනිත් CIWS මෙන් නොව මෙහි විශේෂත්වය වන්නේ තුවක්කු හා මිසයිල එකවර මෙහි පැවතීමයි. 30mm බැරල් 2 කින් තුවක්කු පද්ධතිය සමන්විත වන අතර මිසයිල පද්ධතිය බැරල් 8 කින් සමන්විත ය. විනාඩියකට වට 9000 ක් වෙඩි තැබිය හැකියි. පරාසය උන්ඩ සඳහා කිලෝමීටර් 4 ක් ද මිසයිල සදහා කිලෝමීටර් 8 ක් ද වේ. රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල භාවිතා වේ.
07. Kashtan M

මෙය Kashtan වල වැඩි දියුණු කල ප්‍රභේදයක්. මෙහි පරාසය උන්ඩ සඳහා කිලෝමීටර් 5 ක් හා මිසයිල සදහා කිලෝමීටර් 10 ක් ද වේ. විනාඩියකට වට 10000 ක් පමණ වෙඩි තැබිය හැකියි. Full salvo ප්‍රහාර කිරිමේ හැකියාව ද Kashtan M සතුය. මෙය භාවිතා වෙන්නේ රුසියාව තුළ පමණි.
08. Meroka

Meroka ස්පාඤ්ඤයේ නිර්මාණයක්. කිලෝමීටර් 2 ක පරාසයකට විනාඩියකට වට 1440 ක් වෙඩි තැබිය හැකි මිලිමීටර් 20 බැරල් 12 කින් සමන්විත වේ. මෙය භාවිතා කරන්නේ ස්පාඤ්ඤ නාවික හමුදාව විසින් පමණි.
09. Myriad

මෙය නිශ්පාදනය නොකරපු ඉතාලි CIWS එකක්. 25 mm නිවුන් බැරල් 7 කින් විනාඩියකට වට 5000 ක් පමණ වෙඩි තැබීමට මෙය සැලසුම් කරන ලදී.
10. Rheinmetall Orlikon

2003 වසරේ සිට සේවය කරන මෙය ස්වීට්සර්ලන්ත නිශ්පාදනයකි. කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 1000 ක් පමණ වෙඩි තැබීමේ හැකියාව ඇත. 35 mm බැරලයකින් සමන්විත වේ. ඉන්දුනීසියාව, ඩෙන්මාර්කය, වෙනිසියුලාව භාවිතා කරයි.
11. Phalanx

CIWS කිව්ව ගමන් මතක් වෙන්නේ මේ Phalnax එක. මෙය සම්පූර්ණයෙන්ම ඇමරිකානු නිනිෂ්පාදනයක්. 30 mm බැරල් 6 කින් සමන්විත මෙයට කිලෝමීටර් 5.5 ක පරාසයකදී විනාඩියකට වට 4500 ක් වෙඩි තැබිමේ හැකියාව තිබේ. Zumwalt class Destroyer එක හැරුණු කොට සෑම ඇමරිකානු නැවක්ම Phalanx වලින් සන්නද්ධ වේ. ඔවුන්ට අමතරව ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඉන්දියාව, එංගලන්තය ආදී රටවල් කිහිපයක්ම මෙය භාවිතා කරනු ලබයි.
12. Sea zenith

25mm බැරල් 4 කින් යුත් මෙය භාවිතා කරණු ලබන්නේ තුර්කි නාවික හමුදාව විසින් පමණයි. කිලෝමීටරයක දුරක් වෙත විනාඩියකට වට 800 ක් වෙඩි තැබිය හැකියි.
13. Type 730

මේක චීනයේ බහුලව භාවිතා වන CIWS එකක්. මෙයට 30mm බැරල් 7 ක් ඇති අතර කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 4200 ක් වෙඩි තැබීමේ හැකියාව පවතී. චීනයට අමතරව ඉන්දුනීසියාව පාකිස්තානය මෙය භාවිතා කරයි. 2003 සිට සේවයේ යොදවා ඇත. Type 730C, LD 2000, H/PJ 11 වැනි උප වර්ග කිහිපයක් ඇත.
14. Type 1130

මේක Type 730 වැඩි දියුණු කිරීමෙන් නිපදවූ CIWS එකක්. මිලිමීටර් 30 බැරල් 11 කින් සමන්විත වේ. විනාඩියකට වට 11000 ක් වෙඩි තැබිය හැකි අතර පරාසය කිලෝමීටර් 5 ක් පමණ වේ. මෙය මුලින්ම ක්‍රියාත්මක කරේ Type 001 Liaoning මත. භාවිතා කරණුයේ චීන නාවික හමුදාව විසින් පමණි.
15. H / PJ 13

රුසියන් AK 630 හි Chinese model එක තමයි H/PJ 13 කියන්නෙ. මෙහි පැහැදිලි වෙනස වන්නේ H/pj වල ඇති Stealth ටර්ට් එක. මිලිමීටර් 30 බැරල් 7 කින් සන්නද්ධ මෙයට කිලෝමීටර් 5 ක පරාසයකට විනාඩියකට වට 4000 ක් වෙඩි තැබිය හැකියි. දැනට චීනය පමණක් භාවිතා කරයි.
16. Pantsir M

මෙය රුසියාව පමණක් භාවිතා කරන නවීන CIWS එකක්. 2018 සිට සේවය කරණු ලබයි. Kashtan ලෙසින්ම මිසයිල හා තුවක්කු යන දෙකෙන්ම සන්නද්ධ වේ. මිසයිල වෙත කිලෝමීටර් 20 ක පරාසයක් ද තුවක්කු වෙත කිලෝමීටර් 5 ක පරාසයක් ද පවතී. විනාඩියකට වට 10000 ක් වෙඩි තැබීම් හැකියාව ඇත. රුසියාව පමණක් භාවිතා කරයි. රුසියානු නිලධාරීන් පවසන්නේ Pantsir M, Kashtan M ට වඩා සිව් ගුණයකින් පමණ බලවත් බවයි.