Loading...
කවුද මේ Dennis Ritchie කියන්නේ?

ඔයාලා බලනවා ඇති කවුද මේ රැවුලා කියලා. ඔව් ඔව් ඉතිං රැවුල තියෙනවා තමයි. අපිට රැවුලෙන් වැඩක් නැනේ, අපි බලමු මෙයා මොනවා ද කරලා තියෙන්නේ කියලා. මං දැන් මෙතන ඉදං මේක ලියන්නෙයි ඔයා ඔතන ඉගෙන මේක කියවන්නෙයි මේ මහත්තයා හිදා තමයි. මේ කතාව පටන්ගන්නේ B වලින්. ඔව් ඔව් Aට පස්සේ තියෙන B තමයි. හැබැයි B කිව්වට B language. දැන් ඔයා බලනවා ඇති මොකක් ද යකෝ මේ B  language කියන්නේ කියලා. B  language කියන්නේ C language කලින් තිබුණ එක. ඔව් ඔව් Bට පස්සේ තියෙන C තමයි. 1972 මේ මහත්තයා Bell Labs වලදී B language වැඩි දියුණු කරලා තමයි C language හැදුවේ. ආන්.... හරි ඒ C language තමා. ඔව් ඔව් අද අපි පාවිච්චි කරන ඔක්කොම හදන්න මුල් උනේ මේයා තමා.

තාම් ඉවර නැ කියලා. 1970 දී Ken Thompson කියන මහත්තයයි මේ මහත්තයයි තව මහත්වරු කීප දෙනෙකුයි එකතු වෙලා තමයි Bell Labs වලදී වලදී Unix OS ලිව්වේ. හම්.... එකත් හදලා තියෙන්නේ මේ යෝදයාම තමයි. මට කියන්න අමතක උනානේ Ken Thompson කියන මහත්තයා තමයි B language හැදුවේ.

1973 දී මේ මහත්තයා B ලියලා තිබුණු Unix kernel අමුතුවෙන්ම C වලිව්වා Version 4 Unix වලට.

2011 ඔක්තෝම්බර් 12 මේ මහත්තයා අපි අතරින් සමු ගන්නවා.

ඔයාලා කීප දෙනෙක් දැනගෙන හිටියට මේ මහත්තයා ගැන ඔයාලා හැමෝම දන්නවා නේද Steve Jobs ගැන? ඔව් ඔව් අර ඇපල් ආදිපාද තමයි. මං කිව්වොත් මිනිහා ආදීපාද උනේ මේ දුප්පත් මනිහා හින්දා කියලා ඔයාලා මොක ද කියන්නේ?

Dennis Ritchie වෙනුවෙන් අප විසින් නිර්මාණය කරන ලද අනුස්මරණ වීඩියෝව

Mac OS හදන්නේ NeXTSTEP OS පාදක කරගෙන, NeXTSTEP OS හදන්නේ Unix OS පාදක කරගෙන ඉතිං Unix නැත්නම් NeXTSTEP නෑ NeXTSTEP නැත්නම් Mac OS නෑ Mac OS නැත්නම් ජෝබත් නෑ.

Great man made great product, great people made great things.
At the same Usenix 1984 conference, Dennis Ritchie is visible in the middle, wearing a striped shirt, behind Steven Bellovin wearing a baseball hat.

>> Don't forget to say hello to the search box for further details.