Loading...
Dialog Axiata විසින් තම 3G ජාලය අවසන් ගමන් යැවීමේ ප්‍රථම පියවර තබ​යි

ශ්‍රී ලංකාව සදහා පළමුවෙන්ම 5G Trial Network එකක් හදුන්වා දෙන්න කටයුතු කළ Dialog Axiata සමාගම විසින් මේ වෙන විට දිවයින පුරා ප්‍රදේශ රැසක් සදහා තම 5G ආවරණය ලබා දී තිබෙනවා.

මෙලෙස 5G ජාලය ව්‍යාප්ත කරමින් සිටින අතරේ තම 4G ජාලයේ ධාරිතාව තවදුරටත් ඉහළ නංවා, ඔවුන්ගේ පාරිභෝගිකයන්ට උසස් සේවාවවක් ලබා දීමේ අරමුණෙන් මේ මස 15 වෙනි දින සිට Dialog සමාගමත් ඔවුන්ගේ 3G ජාලය ක්‍රියාවිරහිත කිරිමේ ක්‍රියාවලිය අරඹා ඇති අතර ඒ අනුව මෙය නව සම්බන්ධතාවන් සදහා බලපානු ලබන්නේ කෙසේදැයි ඔවුන්ගේ වෙළෙඳ නියෝජිතයින් දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 15 වෙනි දිනට පසුව නව Dialog සම්බන්ධතාවන් මිලට ගන්නා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ 3G ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාල පහසුකම් භාවිත කිරිමේ හැකියාව අහිමි වි යන අතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සේවාවන් නොකඩවා 2G ජාලය ඔස්සේ භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙය බලපාන්නේ අළුතෙන් සක්‍රීය කරන සම්බන්ධතා වලට පමැනක් බවත් Dialog ආයතනය විසින් අපට තහවුරු කරනු ලැබුවා.

එමෙන්ම මේ වෙන විට Dialog සමාගම විසින් ඉතා සාර්ථකව ඔවුන්ගේ 5G ජාලය ව්‍යාප්ත කරමින් සිටින අතර මේ 5G Trial Network එක තුල භාවිත කිරිම සදහා තම පාරිභෝගිකයන් සදහා දිනකට නොමිලයේ 10GB බැගින් වන සීමාවකට යටත්ව ලබා දෙන අතර එම සීමාව අවසන් වූ පසු 5Mbps Speed Limit එකකට යටත්ව නොමිලේ Data ලබා දීම සිදු කරනවා.

Source: Dialog