ඔබට මතක ඇති 2020 වසරේදී Dialog Axiata සමාගම විසින් ශ්‍රී ලංකාවේ පළමු වරට ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව පාරිභෝගිකයන් හට ලබා දුන්නා.
ඒ අනුව ඔවුන් විසින් කිසිදු ගාස්තු අය කිරිමක් සිදු නොකරමින් ඔවුන්ගේ 5G Trial Network එක භාවිතා කිරිමේ හැකියාව ලංකාවේ ප්‍රදේශ රැසක පාරිභෝගිකයන් හට ලබා දෙනු ලැබු අතර භාවිතා කළ හැකි Data ප්‍රමාණයේද කිසිදු සිමාවක් දක්වා තිබුණේ නෑ. කෙසේ වෙතත් මේ වෙන විට Dialog Axiata සමාගම විසින් දන්වා තිබෙන්නේ මෙම 5G Trial Network එක සදහා ලබා දෙන Data ප්‍රමාණය 10GB ඉක්මවු පසු Speed Limit කිරිමකට ලක් කරන බවයි.

ඒ අනුව ඔවුන්ගේ 5G ජාලයේ වේගය දිනකට 10GB බැගින් වන සීමාවකට යටත්ව ලබා දෙන අතර එම සීමාව අවසන් වූ පසු 5Mbps වලට වේගය පහත හෙලන බව ඔවුන් නිල වශයෙන් අපිට දැනුම් දි තිබෙනවා.
Source: Dialog