Loading...
Fast Charging බැටරියට හානිකර වෙන්නේ ඇයි?

Battery charge කරන එක අපේ ජිවිතේ එපාම කරපු වැඩක් බව ඇත්ත. ඒක ගැන දන්න හින්දම තමයි නිෂ්පාදකයෝ අඩු කාලෙකින් වැඩි ප්‍රමාණයක් charge කරන්න පුළුවන් phones, ඒ කියන්නේ fast charging phones නිෂ්පාදනය කරන්නේ.

කොහොම වුණත් මේ තාක්ෂණයෙත් අඩු පාඩු නැතුව නෙමෙයි. Fast Charging නිසා පහර වැදෙන දෙයක් තමයි Battery Health එක.

මොකක්ද Battery Health කියන්නේ?

ඕනෑම බැටරියකට ආයු කාලයක් තියෙන බව ඔබ දන්නවා. නිෂ්පාදනය කරපු මොහොතේ ඉඳන් මේ වෙනකොට බැටරියේ ධාරිතාව අඩු වී ඇති ප්‍රමාණයට අනුවයි battery health මනින්නේ.

Battery Health එක අඩු වෙන එකෙන් වෙන්නේ ඔබට charge කරන්න වැඩි කාලයක් යන එකත් අන්තිමේදී charge වෙන්නෙම නැති phone එකක් ඉතුරු වීමත් යන දෙක.

මේ දේ අපේ අත්වැරදීම් හින්ද වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි rechargeable battery වැඩ කරන විදිහ. හැබැයි ඒ බැස්ම වැඩි කරන ප්‍රධානම සාධකයක් තමයි රත්වීම කියන්නේ.

රත්වෙන එකට මොකද කරන්නේ?

රත් වෙන එකට කරන්න දෙයක් නෑ. ඔබ battery එක charge කරත්, battery එක භාවිතා කරත්, මොකුත් නොකර නිකන්ම තිබ්බත් රත් වෙන එක නම් වලක්වන්න බෑ.

හැබැයි ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි රත්වෙන එක අඩු කරගන්න එක. ඒත් දැන් Oppo හදල තියෙන 125-watt charging technology වගේ fast-charging technologies නිසා charge කරද්දී phone එක අධික ලෙස රත් වෙන්න පුළුවන්. Oppo එකෙන් කියල තිබ්බෙත් ඔවුන් 40°C උෂ්ණත්වෙට වඩා අඩුවෙන් battery එක තියාගන්න බලනවා කියල.

Oppo තමන් කරන දේ ගැන දන්නවා තමයි. හැබැයි 40°C කියන්නෙත් battery එකකට සෑහෙන්න දැනෙන උෂ්ණත්වයක්. Oppo ඉදිරියෙන් හිටියට දැන් හැම නිෂ්පාදකයෙක්ම හිතා ගන්න බැරි විදිහේ fast charging options ඉදිරිපත් කරනවා.

ඒත් විද්‍යානුකුලව බැලුවොත් නම් වැඩියෙන් රත් වෙන බැටරියකට වඩා අඩුවෙන් රත් වෙන බැටරියක් වැඩි කාලයක් පවතිනවා.

තීරණය ඔබේ

එත් මේ හැම දෙයක්ම අන්තිමට තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත. ඔබට වැඩ රාජකාරී වැඩි නම්, අවුරුද්දකට දෙකකට සැරයක් අලුත් phone එකක් ගන්න එක, නැත්තන් ඒකෙන් අඩක් වගේ මුදලකට බැටරිය replace කරන එක ප්‍රශ්නයක් නැති නම් හැම වෙලේම fast charge කලාට කමක් නෑ.

හැබැයි ඔබ බැටරියේ ආයු කාලය ගැන වැඩියෙන් හිතනවා නම්, පුළුවන් තරම් කල් phone එක තියාගන්න උත්සහ කරනවා නම්, charging ගැන වැඩියෙන් හිතන්න. අවස්ථාව තියෙන හැම වෙලේම සාමාන්‍ය slow charger එකකට plug කරන්න. බැටරිය අධිකව රත් වෙනවා නම් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න.

කලින් photo එකේ iQOOත්, OnePlus, Oppo, RealMe, Vivo එකම විදිහේ fast charging ඉදිරිපත් කරන හේතුව දන්නවාද? මේ ලිපිය කියවන්න.

OnePlus, Oppo හා Vivo - Chinese පන්ති භේදය
Samsung කියන්නේ තවමත් ලෝකේ අංක 1 smartphone manufacturer වගේම Huawei, Apple2වෙනි තැනට ලොකු තරඟයක් දෙනවා කියන එකත් රහසක් නෙමෙයි. හැබැයි මේ අතරේ 4,5,6 ස්ථානවලටත් තිරය පිටුපස වෙනම තරඟයක් යනවා. පසුගිය අවරුදු 5 සිට Oppo, OnePlus හා Vivo කියන brands වෙනම category ඇතුලේතමන්ගේ sales ඉහල දාගන්න තරඟයක් …