Loading...
WhatsApp වල නැති ඒත් අනිවාර්‍යෙන් හඳුන්වා දිය යුතුම පහසුකම් 05

WhatsApp කියන්නේ මේ වන විට ලොව ජනප්‍රියතම Mobile Messaging App එක කිවොත් නිවරදියි. ඒ වගේම දිනකට WhatsApp හරහා බිලියන 100කට අධික Messages සංඛ්‍යාවක් හුවමාරු වෙනවා. වර්තමානයේ Facebook ආයතනය සතු වෙන මේ App එක නිරන්තර Update මගින් Usersට වඩා හොද Experience එකක් ලබා දිමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.

මේ අනුව මැතකදි හදුන්වා දුන් Disappearing Messages Feature එක, Storage Management Tool එක, Advanced Wallpaper Feature එක, Face Unlock Feature එක වගේම Whatsappහි Privacy සදහා හදුන්වා දුන් Message forwarding සීමා කිරීම වැනි දේවල් දක්වන්න පුළුවන්.

01. Multiple Number Support

Whatsappවල තියෙන ප්‍රධානතම ගැටලුව විදිහට මේක දක්වන්න පුළුවන්. අපේ Whatsapp Account එක Device කිහිපයකින් භාවිත කරන්න හැකි වුවා නම් එය අපිට ඉතා ප්‍රයොජනවත් වෙනවා. ඒ වගේම එකම Device එකේ එකම App එකේ Numbers කිහිපක් භාවිත කරන්න හැකි වුවා නම් එයත් ඉතාමත් ප්‍රයොජනවත් වෙනවා. මේ වන විට අපිට මේ Feature එක Telegram App එකේ දි බලාගන්න පුළුවන්.

ඒ වගේම මේ වන විට Facebook ආයතනය විසින් Whatsapp සදහා මේ Feature එක ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නව කියලත් ආරංචි වෙනවා.

02. Scheduled messages

එදිනෙදා පාවිච්චි වෙන Messaging App එකක් විදිහට Scheduled messages Feature එක ඉතා වැදගත් වෙනවා. මේ Feature එක දැනට කාලයකට පෙර Telegram වෙත හදුන්වා දි තිබෙනවා. ඒ මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් යොදා Messages යැවිමට පහසුකම් සලසා තිබෙනවා. මේ මගින් අප සැමට ගැටලුවක් වෙන හරි වෙලාවටම සුබ පැතිම් ආදිය යැවිමට හැකි වෙනවා. නමුත් තවමත් මේ Feature එක සම්බන්ධයෙන් අවධානය යොමු නොවිම නම් ඉතාමත් කණගාටුවට කරැණක්.

හැබැයි මේ Feature එක ලබා දිම සම්බන්ධයෙන් නම් කිසිදු තොරතුරක් දැනට නොපවතින අතර මේ සදහා Third-party apps යොදා ගැනිමට සිදු වෙනවා. නමුත් එය අනුමත කල නොහැකියි.

03. Polls

Group Chatවලදි අත්‍යවශ්‍ය වෙන Feature එකක් විදිහට දක්වන්න පුළුවන්. මොකද අපි අපේ Group එකේ යම් මත විමසුමක් කරනව නම් දැනට එහෙම දෙයක් කරන්න Whatsappහි හැකියාවක් නැ. මේ Feature එක අපිට Telegram හා Threema Messaging Appsවල භාවිත කරන්න පුළුවන්.

Whatsappවලට ඉදිරියේදි හෝ මේ Feature එක ලැබෙනව නම් එය ඉතා වැදගත් වෙනවා.

04.Note to Self

අපිට කවුරැහරි එවපු Message එකක්, අපි යවපු Message එකක් පොඩි Note එකක් විදිහට Whatsapp තුලම ති⁣යා ගන්න විදිහක් තිබ්බොත් ? මේ ඒ ගැන තමයි දැනටමත් Signalවල මේ Feature එක තියෙනවා. මේ මගින් අපේ Chatවල තියෙන වැදගත් Messages, Link වගේ දේවල් App එක තුලම එක තැනක තියා ගන්න පුළුවන් වෙනවා.

05. Message reactions

මේ Feature එක Discord හා Slack වගේ Appsවල අපිට දකින්න පුළුවන්. Whatsappවල නම් අපි Message එකකට Reaction කරන්නේ Sticker එකක් හෝ emoji එකක් මගින් නේ. ඒ වෙනුවට ඒ Message එකටම Reaction කරන්න පුළුවන් උනොත්. හරියට Facebookවල Like Button එක වගේ. ඒ කියන්නේ සැම Message එකක් සමග Reaction emoji කිහිපයක් අපිට තේරිමට ලබා දිම මගින් ඒ ඒ Messageවලට Sticker හෝ Emoji මගින් ප්‍රතිචාර දැක්විමට වෙනුවට ඒ emoji මගින් ප්‍රතිචාර දැක්විමට හැකි වෙනවා. මෙය Group Chatවලට නම් ඉතා වටිනා Feature එකක් වේවි.

ඉතින් අපි මේ බලාපොරොත්තු වෙන Features සමහර විට ඉදිරියේදි ලැබිමට ඉඩකඩ තිබෙනවා.