සෑම Smartphone නිෂ්පාදකයෙකු මෙන්ම මේ වන විටත් මීළග වසරේ එළිදැක්වීමට නියමිත ඔවුන්ගේ Smartphones පිළිබඳව සැළසුම් කර අවසන් හෝ සැළසුම් කරමින් සිටිනවා. එහිදී මේ සෑම සමාගමක්ම ඔවුන්ගේ Flagship smartphones සඳහා විශේෂ ස්ථානයක් ලබා දෙනු ලබනවා.
ඒ අනුව වාර්තා වන නවතම තොරතුර වන්නේ එළඹෙන වසරේ නිකුත් වන Flagship Smartphone එකක් සඳහා මෙතෙක් Flagship Smartphone එකක් සඳහා ලබා දුන් විශාලතම Battery Capacity එක ලබා දීමට එක් සමාගමක් සුදානමින් සිටින බවයි.
මේ වසරේදී නිකුත් වු ජනප්රිය Flagship Smartphone කිහිපයක Battery Capacity පහත පරිදි වනවා.
- Realme GT7 Pro - 6,500mAh Battery
- iQOO 13 - 6,150mAh Battery
- OPPO Find X8 Pro - 5,910mAh Battery
- Samsung Galaxy S24 - 5,000mAh Battery
- iPhone 16 Pro Max - 4,685mAh Battery
මෙලෙස වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Realme සමාගම විසින් එළඹෙන වසරේදී නිකුත් කිරීමට නියමිත GT8 Pro Flagship Smartphone එකත් සමඟ මෙතෙක් Flagship Smartphone එකක් සඳහා ලබා දුන් විශාලතම Battery Capacity එක ලබා දීමට සුදානම් වන බව දක්වන්න පුලුවන්.
ඒ අනුව මේ Smartphone එකේ Battery Capacity සහ Charging Speed පහත පරිදි විමේ හැකියාව පවතිනවා.
- 120W Fast Charging පහසුකම සමඟින් 7,000mAh battery Capacity එකක් (එක් සම්පුර්ණ ආරෝපණයක් සඳහා මිනිත්තු 42ක පමණ කාලයක් ගතවේ)
- 100W Fast Charging පහසුකම සමඟින් 7,500mAh battery Capacity එකක් (එක් සම්පුර්ණ ආරෝපණයක් සඳහා මිනිත්තු 55ක පමණ කාලයක් ගතවේ)
- 80W Fast Charging පහසුකම සමඟින් 8,000mAh battery Capacity එකක් (එක් සම්පුර්ණ ආරෝපණයක් සඳහා මිනිත්තු 70ක පමණ කාලයක් ගතවේ)
ඒ අනුව Realme සමාගමට එළඹෙන වසරේදී ඔවුන්ගේ මේ GT8 Pro Smartphone එකත් සමඟින් 8,000mAh පමණ Battery Capacity එකක් ලබා දීමට හැකි වුවහොත් එය විශාල පෙරළියක් වනු ඇති බව නිසකයි. මේ වන විට ක්ෂේත්රය තුළ නම් දරා සිටින අනෙක් සමාගම්වලටත් ඒ සමඟින් ඔවුන්ගේ නිෂ්පාදනයන්ගේද Battery Capacity සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදු වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
Sources: weibo.cn notebookcheck.net androidauthority.com