Loading...
ZTE සමාගම විසින් 64MP කැමරා තුනකින් සහිත ජංගම දුරකතනයක් නිපදවීමට සූදානම් වේ

ZTE සමාගම කියන්නේ ලොව ප්‍රථම Under Display Camera Setup එකක් සහිත Smart Phone එක නිකුත් කල සමාගම වෙනවා. ඔවුන්ගේ මිලග Flagship Smart Phones වල Rear Camera Setup එක සදහා 64MP Camera Lens තුනක් භාවිත කිරිමට සුදානමින් සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ Camera Lenses මගින් අපිට Ultra High Resolution Main Camera එකක්, Ultra-wide Camera එකක් හා Telephoto camera එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.

මේ බව ZTE Mobileහි සභාපතිවරයා වෙන Ni Fei මහතා විසින් ඔහුගේ Weibo Post එකක් මගින් තහවුරු කර තිබෙනවා. මේ තහවුරැ කිරිම මගින් ZTE සමාගමේ ඉදිරි Flagship Devicesවල Rear Camera Setup එක සදහා 64MP Camera Lenses තුනක් භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

මේ 64MP 3 Lens Rear Camera Setup එකේ Specs පිළිබඳ තවමත් තොරතුරු වාර්තා නොවුවත් Weibo සටහනට අනුව Full Focal Length එකක් සහිත Camera Lens බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙලෙස 64MP වු Rear Camera Lenses තුනක් ලබා දි තිබුණ ද මේ Camera Setup එකේ Image Quality එක පිළිබඳ වැඩියමක් බලාපොරොත්තු විය නොහැකි වෙනවා. ඊට හේතුව වෙන්නේ මේ 64MP Lens තුන සදහාම යොදා ගන්නා Sensors එක හා සමාන නොවිමයි.

එනම් මේ වන විට ඉතා කුඩා Pixels පවතින හොද Low Light Performance එකක් ලබා දෙන Budget 64MP  Sensors වගේම ප්‍රමාණයෙන් විශාල Pixels පවතින High Resolution එකක් ලබා දිමට සමත් වෙන Sony IMX686 වැනි Sensors ද මේ වන විට Smart Phone Industry එක තුල පවතිනවා. එබැවින් මේ Camera Setup සදහි යොදා ගන්නා Sensor එක Image Quality එක සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.

පසුගිය දිනක නිකුත් වු OPPO Find X3 Pro Smart Phone එකේ Rear Camera Setup එක සදහා ද OPPO සමාගම විසින් 50MP වු Camera Lenses දෙකක් භාවිත කර තිබුණා. ඒ Main Camera Lens එක හා Ultra-wide Camera Lens එක විදිහටයි. මේ මගින් OPPO සමාගමට එම Device එකෙන් ලබා ගන්නා Photos සදහා Consistent Colors හා Detail Image ලබා දිමට හැකි වි තිබෙනවා. ඒ අනුව 64MP Lenses තුනක් සමග පැමිණෙන මිලග ZTE Flagship Devices තුලිනුත් මේ හා සමාන හෝ මිට ඉහල ප්‍රගතියත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Android Authority