Loading...
AppGallery එක හරහා Huawei ජංගම දුරකතන ලක්ෂ 5කට අධික ප්‍රමාණයකට Joker malware එක ඇතුලත් වී ඇති බවට තොරතුරු වාර්තා වේ

Security Researchersලා සොයා ගෙන ඇති ආකාරයට Huawei Smartphone වෙත Huawei App Gallery එක ඔස්සේ Malware එකක් ඇතුළත් වි තිබෙනවා. ඒ අනුව Huawei Smartphones 500,000කට අධික සංඛ්‍යාවක් තුලට නොදැනුවත්වම App Gallery එක ඔස්සේ Joker Malware නම් Malware එකක් ඇතුළත් වි තිබෙනවා.

Joker Malware Family එකේ Malwares කිහිපයක්ම පසුගිය වසර කිහිපයක තුල Google Play Storeහි සමහර Apps සමග ක්‍රියාත්මක වු අතර Huawei Smartphone වෙත මේ joker Malware එක බලපෑ ප්‍රථම අවස්ථාව මෙය වෙනවා. මේ Joker Malware එක මේ වෙන විට Huawei App Gallery එක තුල ඇති Apps සමග ක්‍රියාත්මක වි ඇති අතර Security Researchersලා පෙන්වා දෙන ආකාරයට මේ වෙන විට නොදැනුවත්වම Huawei Smartphone 500,000කට අධික සංඛ්‍යාවක් තුලට App Gallery එක මගින් Download කල විවිධ Apps ඔස්සේ පැමිණ තිබෙනවා.

ඒ අනුව මිට පෙර Google Play Storeහි පමණක් දක්නට ලැබුණු මේ Joker Malware එක මේ වෙන විට ඔවුන්ගේ ප්‍රහාරාත්මක පරාසය පුළුල් කර ගනිමින් දැන් Huawei App Gallery එක තුලටත් ඇතුළත් වි තිබෙනවා. පර්යේෂකයන් විසින් මේ වෙන විට Huawei App Gallery එක තුල තිබුණු Joker Malware එක සහිත Apps දහයක් පමණ සොයා ගෙන ඇති අතර ඒම Apps කිසිදු වෙනස්කමක් නොමැතිව ක්‍රියාත්මක වෙන Apps වෙනවා.

මෙලෙස Joker Malware එක සහිතව හමුවි තිබෙන්නේ virtual keyboard, camera app, launcher, online messenger, sticker collection, හා color software ආදි Apps කිහිපයක් වෙනවා.

මේ Apps අධ්‍යනය කිරිමෙන් පසුව ඔවුන් සොයාගෙන තිබෙන්නේ Premium Mobile Services වෙත එම  Device එක Subscribe කිරිම මේ Joker Malware එක මගින් සිදු වෙන බවයි. එම Services මගින් ලැබෙන ඕනැම SMS එකකට ප්‍රතිචාර දැක්විම සදහා මේ Joker Malware එක සහිත Apps මගින් අවසර ඉල්ලා සිටින අතර ඒ මගින් එම Services Automatically Activate විම සිදු වෙනවා.

පර්යේෂකයන් සොයා ගෙන ඇති ආකාරයට මේ Malware එක මගින් Userව Services පහකට පමණ දායක කර ගැනිමට කටයුතු කරන අතර ඔවුන්ට අවශ්‍ය නම් මේ සේවාවන් සංඛ්‍යාව ඉහල දැමිමේ හැකියාව පවතිනවා.

දැනට මෙසේ Joker Malware එක සහිතව සොයාගෙන ඇති Apps අතුරින් බහුතරයක් තනි පුද්ගලයකු විසින් Develop කරන ලද ඒවා වෙනවා. කෙසේ වෙතත් මේ බව Huawei සමාගම දැන ගැනිමෙන් අනතුරුව ඒ Apps App Gallery එක තුලින් ඉවත් කිරිමට කටයුතු කර ඇති නමුත් ඒ අවස්ථාව වෙන විටත් ලොව පුරා Huawei Usersලා විසින් App Gallery එක මගින් මේ Joker Malware එක සහිත Apps මිලියන බාගයකට අධික සංඛ්‍යාවක් Download කර තිබෙනවා.

Source: TechRadar