Loading...
Dimensity 1000+ සහ 120Hz Display එකක් සමඟින් දෙසැම්බරයේ නිකුත් වෙන Honor V40 series එක

සාමාන්‍යයෙන් Honor Lineup එකේ V Series Smartphone කියන්නේ Higher Specs හා සුපිරි Camera Setup එකක් සහිතව නිපදවන Smartphone Series එකක් බව කිව යුතුයි. මේ V Series එක යටතේ Honor V40, V40 Pro හා V40 Pro+ විදිහට Devices 03ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට මේ වසරේ දෙසැම්බර් මාසයේ දි මේ Smartphone එක නිකුත් වෙන්නත් ඉඩකඩ තියෙනවා. හැබැයි මේ දිනවල පවතින ගෝලිය CovID-19 වසංගත තත්වය නිසා යම් යම් ප්‍රමාද විම් සිදු විය හැකියි.

පසුගිය දිනක දි @RODENT950 විසින් Twitterහි මේ Smartphone එකේ Key Feature පිළිබඳව තොරතුරු පල කර තිබුණා. ඒ අනුව V40 Series එක යටතේ ප්‍රධානවම Model දෙකක් නිකුත් වෙන්න නියමිතයි. ඒ Size දෙකකින්. ඉන් V40 හා V40 Pro එකම Size එකෙන් ද V40 Pro+ ඉට වඩා මදක් විශාලව ද නිකුත් වෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Series එකේ Smartphone සදහා FHD+ Curved Display භාවිත වනු ඇත. ඒ වගේම මේ Displayවල Refresh Rate එක 120Hz වනු ඇති බව බලාපොරොත්තු වෙන්න පුළුවන්. V40 Pro Device එක සදහා MediaTek’s Dimensity 1000+ SoC Chipset එක ද V40 Pro+ සදහා Huawei’s Kirin 9000 SoC Chipset එකද බොහෝ විට ඇතුලත් කරයි කියල තොරතුරු පල වෙනවා.

මේ Series එකේ Camera Setup එක ගැන බැලුවොත් මෙය Triple හෝ Quad Camera Setup එකකින් සමන්විත වනු ඇති. Main Lens එක 50MP ක Sony IMX700 RYYB lens එකක් ලෙසටත් Selfie Camera Setup එක සදහා Pill Shape Cutout එකක් සහිතව Dual Lens Setup එකක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම 66W Wired SuperCharge Feature එකත් 40W Wireless Charging Feature එකත් ලබා දෙනු ඇත. මිට අතරව Glass Build එකක් Stereo Speakers Setup එකක්, USB-C Port එකක් හා Dual SIM 5G Connectivity එකත් මේ Series එක තුලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ Specs සියල්ල තවමත් නිල වශයෙන් තහවුරැ වි නොමැති අතර ඉදිරියේදි අපිට නිල වශයෙන්ම මේ Series එකේ Specs පිළිබඳව තොරතුරු දැන ගැනිමට හැකි වනු ඇත.

Sources : Gizmochina, gsmarena