Loading...
අද සිට ඇරඹෙන Women's Premier League (WPL 2023) තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

අද දින සිට ඇරඹෙන, පළමු වරට පැවැත්වෙන Women's Premier League 2023 (WPL 2023) තරගාවලිය Dialog TV සහ PEO TV පාරිභෝගිකයන් සදහා නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබි තිබෙනවා.

ඒ අනුව තරග 22 සමන්විත මෙම තරගාවලිය සදහා Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore සහ UP Warriorz ලෙසින් කණ්ඩායම් 05ක් සහභාගී වනවා.

Gujarat Giants සහ Mumbai Indians අතර තරගය සමග අද (4) මෙම තරගාවලිය ඇරඹෙන අතර අවසන් මහා තරගය එළ⁣ඹෙන මාර්තු 26 වනදා පැවැත්වීමට නියමිත වනවා.

Dialog TV පාරිභෝගිකයන් සදහා Channel One (Ch No - 01)
නාලිකාව ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයන් සදහා Event Tv SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ඔස්සේ නැරඹිමේ හැකියාව ලැබෙන අතරම Dialog Viu සහ PEO TV GO Apps මගින් ද මෙම තරගාවලිය සජීවිව නැරඹිය හැකි වනවා.

Sources: WPL Dialog Axiata PEO TV