Loading...
5G තාක්ෂණය සමඟින් Huawei Enjoy 20 එළඹෙන අගෝස්තුවේ නිකුත් වීමේ ඉඩකඩක්

Huawei සමාගම ගිය මාසයේදී Enjoy Z 5G කියන device එක චීනයේදී launch කරා. දැන් නිකුත් වෙන අලුත් වාර්තා වලට අනුව Huawei ලා Enjoy 20 Plus සහ Enjoy 20 Pro කියන devices ජූනි 24 වෙනිදාත්, Enjoy 20 device එක බොහෝවිට අගෝස්තු මාසයේදීත් release කරන්න සූදානමකින් ඉන්නවා.

ඒ වගේම ජූලි මාසයේදීත් device එකක් release කිරීමේ සූදානමක් තියෙනව කියල වාර්තා පල උනත් ඒක Enjoy series එකේද නැත්තන් වෙන device එකක් ද කියල තවම පැහැදිලි භාවයක් නෑ.

කෙසේ වෙතත් specifications දිහා බලද්දි Huawei Enjoy 20 device එක එන්නෙ OLED panel එකක් එක්ක. ඒ වගේම in-display fingerprint scanner එකකුත් මේකෙ feature වෙනවා. මීට වඩා විස්තර තාම reveal වෙලා නෑ.

වඩාත් වැදගත් ම කාරණය තමා Enjoy 20 Plus සහ Enjoy 20 Pro කියන devices ගැනත් Huawei ලා තවම confirm කරල නෑ. ඒත් Weibo Post ලට අනුව බොහෝදුරට Enjoy 20 Plus device එක ජූනි 24 වැනි දා release වෙන්න පුලුවන්. මේ අනුව බලනකොට devices දෙකම release වෙන්නෙ එකටයි.

Specifications ගැන කතා කරද්දි 90Hz refresh rate එකක් සහ 150Hz touch rate එකකින් සම්න්විත LCD display එකක් තමා Enjoy 20 Plus එකට feature වෙන්නෙ. ඒ වගේම side mounted fingerprint scanner එකක් මේකට බොහෝදුරට එන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම Huawei සමාගම Enjoy 20 Plus එකට MediaTek Dimensity 800 5G SoC එක use කරන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා.

Camera systemඑක ගැන කතා කරද්දි බොහෝ දුරට 48MP main camera එකක්, 8MP Ultra wide camera එකක් සහ 2MP cameras දෙකක් feature වෙන්නපුලුවන්. Front camera එකට බොහෝ දුරට 16MP Sony IMX471 selfie camera එකක් feature වෙන්න පුලුවන්.

ඒ වගේම Enjoy 20 Pro එකට MediaTek Dimensity 800 Chipset එක feature වෙන්න පුලුවන්. මේකටත් 48MP Camera එකක් back camera එකට feature වේවි. ඊට අමතරව 22.5W fast charger එකකුත් මේ device එකට feature වෙන්න පුලුවන්.

ඉතින් මේ features ටිකට අමතරව Enjoy 20 Pro ගැන වැඩි විස්තරයක් වාර්තා වෙන්නේ නෑ.

Source (Chinese): Weibo