Loading...
Midea සමාගමේ smart home උපාංග බලගැන්වීම සඳහා Huawei සමාගමේ HarmonyOS භාවිතා කිරීමට සූදානම් වේ

Huawei සමාගම දෙසැම්බර් 18 වන දින තම ජංගම දුරකතන වලට HarmonyOS Beta නිකුත් කිරීමට සූදානම් වන බවත් මේ Harmony OS එක Smartphone සදහාම පමණක් නොවන අතර එය TVs, smart cameras හා Head units සදහාද ගැලපෙන ලෙස Develop කර ඇති බවත් අපි මෙිට පෙර ලිපියකින් ඔබව දැනුම්වත් කරනු ලැබුවා.

ඒ අනුව අද (November 11) Midea සමාගම විසින් ඔවුන්ගේ නවතම Smart Home Product Series එක එළිදැක්වීම සිදු කරනු ලැබුවා. මේ එළිදැක්වුණ නව IoT Devices Harmony OS එකෙන් බලගැන්වෙන බව ඔවුන් මෙහිදි නිල වශයෙන්ම ප්‍රකාශ කරනු ලැබුවා.

Midea සමාගමේ මේ Smart Home Product වලට Water heaters, Dishwashers, Smart stoves හා තවත් උපාංග අයත් වෙනවා. මේ සියල්ලම Harmony OS එක මත ක්‍රියාකරනු ලබනවා. ඒ අනුව ඉදිරියේදි එක Smartphone එකකින් මේ සියලු Devices Control කිරිමේ හැකියාව ලැබෙනු බව නිසකයි.

සමාගම විසින් ප්‍රකාශ කර ඇති අකාරයට මේ සැම Devices එකකටම WIFI ජාලයට සම්බන්ධ විමට ගත වෙනනේ තත්පර 03ක් වැනි කාලයක් බවයි. ඒ වගේම Display එකක් නොමැති Devicesවල තොරතුරු වුවද Smartphone එකෙන් දැනගත හැකි වෙනවා. ඒ වගේම මේ සැම Devices එකක්ම Factory Services සමග සම්බන්ධ ව පවතින බැවින් අවශ්‍ය ඕනැම මොහොතක Services ලබා ගත හැකි වෙනවා. Harmony OS එක මගින් Smartphone Industry එක තුල පමණක් නොව Smart Device Industry එක තුලත් විශාල පෙරලියක් ඇති කරනු බවට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina