Loading...
Huawei සමාගම විසින් Huawei Mate 40 කාණ්ඩයේ ජංගම දුරකතන පෙල එලි දක්වයි

Huawei සමාගමේ නවතම Flagship Smartphone Series එක වන Huawei Mate 40 Series එක ඔක්තෝම්බර් 22 වන දිනයේ release වුණා. ඉතින් මේ ආකර්ෂණීයම පෙනුමකින් යුත් Mate 40 Series එක ගැන අපි බලමු.

DESIGN

නවතම පෙනුමකින් පැමිණෙන Huawei Mate 40 Series එක පාරිභෝගිකයාට නැවුම් අත්දැකිමක් ලබා ගත හැකි Smartphone එකක් වෙනවා. එමෙන්ම මේ Series එක IP68 Dust & Water Resistance හැකියාවන්ගෙන්ද යුක්ත වෙනවා. Volume Control කිරිම Physical මෙන්ම Virtual ලෙස කිරිමටත් හැකියාව පවතිනවා. එමෙන්ම මෙහි 3D Face Unlock පහසුකමත් අන්තර්ගත වෙනවා.

මෙය Yellow හා Green Color Option දෙකෙන් සමන්විත වන අතර Vegan leather නිමාවකින් යුතු වෙනවා. එමෙන්ම  Mate 40 Pro+ හි Nano-tech Ceramic Back Panel එකක් පවතිනවා. මෙය Ceramic White හා Ceramic Black යන වර්ණවලින් ලබා ගත හැකියි.

මෙය මිලිමීටර 162.9ක උසකින්, මිලිමීටර 75.5ක පළලින් හා මිලිමීටර 9.1ක Glass Depth එකකින් ද මිලිමීටර 9.5ක Vegan Leather Depth එකකින් ද යුතු වෙනවා. Glass Model එක ⁣වගේම Vegan Leather Model එකත් 212g බරකින් යුතු වෙනවා.

DISPLAY

‌‌මෙහි අගල් 6.76ක edge-to-edge 88° Horizon OLED Display එකක් පවතිනවා. මේ Series එකේ Devices වල Display Refresh Rate එක 90Hz වන අතර 240Hzක Touch Sampling Rate එකක් ද පවතිනවා. එමෙන්ම Dual Stereo Speaker Setup එකක් ලබා දි තිබෙනවා.

PERFORMANCE

‌‌මේ Series එක බලගැන්වෙන්නේ 5nm KIRIN 9000 Chipset එකෙන්. මෙය 5G Connectivity එකෙන් ද යුතු වෙනවා. මෙහි 5G SoC එකෙහි Transistors බිලියන 15.3 අඩංගු වෙනවා. මෙහි අන්තර්ගත වෙන CPU එක Three-level Power Efficiency Technology එකෙන් යුතු වෙනවා. එමෙන්ම මෙහි 24-core Mali-G78 GPU එකක් අඩංගු වෙනවා. මේ 24-core Mali-G78 GPU එක කියන්නේ මෙතෙක් Huawei Devices සමග ලැබෙන Most Powerful GPU එක කියන්න පුළුවන්. මේ මගින් සුපිරි ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ලබා ගත හැකි වෙනවා.

MAIN CAMERA

‌‌Huawei Mate 40 Pro හා Pro+ Devices දෙකේම Dual Cine Camera හා Dual Ultra Wide Camera Setup එකක් අඩංගු වෙනවා. මේ මගින් ඉතා ඉහල ගුණාත්මකභාවයෙන් යුතු ඡායාරූපයක් ලබා ගැනිමේ හැකියාව මේ දුරකථනය සතු වෙනවා.

Wide Angle 50MP Ultra Vision Camera එකක් අඩංගු වන අතර එය f/1.9 Aperture එකකින් යුතු වෙනවා. මේ Dual Cine Camera Setup එක Wide-angle 20 MP වන අතර මෙහි Aperture එක f/1.8 අගයක් ගන්නවා. එමෙන්ම මෙහි 3:2 cinema-style shooting ratio sensor එකක් අඩංගු වෙනවා. ඒ මගින් High Quality දර්ශන ලබා ගැනිමේ දි වෙනදාට වඩා Steady දර්ශන මෙන්ම XD Fusion HDR Video මගින් ඉතා හොද Video එකක ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

මේ Camera Setup එකත් සමග Tracking Shot, True cinematic effects එක් කිරිමේ පහසුව,  Background music හා Filters & Effects රැසක් ලබා දි තිබෙනවා. ඒ වගේම Audio Focus, Audio Zoom හා dual stereo speakers වලිනුත් මේ Series එක සමන්විත වෙනවා.

Mate 40 Pro හි අන්තර්ගත වෙන Periscope Telephoto lens එක 12MP f/3.4 Aperture එකක් ඇති අතර ඒ මගින් 10X Hybrid zoom එකක් හා 50X Digital zoom Range එකක් ලබා ගත හැකි වෙනවා. Mate 40 Pro+ හි පවතින Dual Telephoto Lens මගින් 20x Hybrid zoom එකක් හා 100x Digital zoom එකක් ලබා ගත හැකි වෙනවා.

SELFIE CAMERA

‌‌Mate 40 Series එකේ 13 MP Ultra Vision Selfie Camera එක මගින් Selfies හා Videos 4K Resolution එකෙන් ලබා ගත හැකියි. මෙය 3D Depth Sensing Camera එකක් වන අතර f/2.4 Aperture එකකින් යුතු වෙනවා. එමෙන්ම Ultrawide Selfie Capture කිරිමේ හැකියාවත් පවතිනවා. Slow-Motion Selfie Feature එකත් මේ සමග ලැබෙනවා.

BATTERY

‌‌මෙහි 4400 mAhක Battery එකක් අඩංගු වන අතර එක Huawei Super Charge Technology එක සමග පැමිණෙනවා. මෙය 66W Wired Charging Technology එකට වගේම 50W wireless Charging Technology එකටත් Support කරනවා.

NEW ECOYSTEM

‌‌HUAWEI Mate 40 Series එක තුලින් Huawei සමාගම තම පාරිභෝගිකයාගේ පහසුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව නව පරිශිලකයා මුලික කරගත් විශේෂාංග (User-centric features) රැසකින් මේ Series එක සමන්විත වෙනවා.

මේ Series එකේ සැම Devices එකම Smart Gesture Control, Eye Control හා MeeTime functionalityවලින් සමන්විත වෙනවා. Smart Gesture Control මගින් අපේ දුරකථන Wake කරන්න, ඉහලට පහලට Swipe කරන්න වගේම Air Press Gesture එක මගින් Call Answer කිරිමේ හැකියාවද පවතිනවා. Mate 40 Pro හා Mate 40 Pro+ හි තිරයේ පවතින Dynamic Eyes මගින් Eye Contact මගින් Incoming Calls වල Ring එකේ ශබ්ද ප්‍රමාණය අඩු වැඩි කිරිමේ හැකියාවත් පවතිනවා.

MeeTime functionality එක මගින් Multi Screen පහසුකම වගේම Multiple Device Control Feature එක ලබා ගැනිමේ හැකියාවත් පවතිනවා. මෙය බලගැන්වෙනනේ Huawei’s 1+8+N Ecosystem එක මගින්.

PRIVACY & SECURITY‌‌

‌‌Android 10 මත පදනම් වු EMUI 11 Operating System එකත් සමග ප්‍රභල Security System එකක් මේ Devices වලට ලැබි තිබෙනවා.

ඒ වගේම මෙහි ක්‍රියාත්මක වන Trusted Execution Environment operating system එක CC EAL5+ certified Operating System එකක් බව කිව යුතුයි. EMUI 11 නව Security Features රැසකින් සමන්විත වෙනවා. මේ මගින් ඔබේ පෞද්ගලිකත්වය සුරකිම පිළිබඳව ඔවුන් සහතික වෙනවා.