චීන තාක්ෂණික දැවැන්තයා වන Huawei සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Mate 80 Series එකේ දුරකථන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, Huawei Mate 80 Series එකේ සියලුම මාදිලිවලට 3D Facial Recognition තාක්ෂණය ලබා දීමට සමාගම තීරණය කර ඇති බව දක්වන්න පුලුවන්.
මේ දක්වා, 3D Face Recognition පහසුකම ලබා දී තිබුනේ Mate Series එකේ ඉහළ මාදිලි වූ Pro සහ RS වැනි මාදිලි සඳහා පමණි. එහෙත්, මෙම නව තීරණයත් සමඟ Huawei විසින් සිය 3D Facial Recognition තාක්ෂණය පළමු වරට Base Model සඳහාත් ලබා දෙනු ඇත.
HarmonyOS 6 සහ Mate 80 Series එක
Mate 80 Series එක සඳහා මෙම නව 3D Facial Recognition තාක්ෂණය ලබා දෙන බව තහවුරු වී ඇත්තේ සමාගම විසින් නිකුත් කරන ලද නවතම HarmonyOS 6 මෙහෙයුම් පද්ධතියේ සංවර්ධන ලේඛන හරහායි. HarmonyOS 6 මෙහෙයුම් පද්ධතිය Mate 80 Series එකේ දුරකථන සඳහා pre-installed ලෙස පැමිණීමට නියමිත අතර, එය පහත පරිදි වනවා.

මෙම තොරතුර මඟින් Huawei Mate 80 Series එක සඳහාම 3D Facial Recognition තාක්ෂණය ලැබෙන බව තහවුරු වනවා.
Source: www.gizmochina.com








